mediahumanrights.lk
Local NewsNews

උඩුවේ හිමිට අද අධිකරණය දුන්න හා නොදුන්න අවසරය මෙන්න

උඩුවේ ධම්මාලෝක හිමියන්ට මේ මස 19 වන දා දක්වා විදේශ ගත වීමට අධිකරණය අද (08) අවසර දුන්නා.
ඒ, මේ දිනවල උදා වී ඇති වස් සමයේ ධර්ම ප්‍රචාරය සඳහා විදේශ ගත වීමට අවශ්‍ය බවට ඒ හිමියන් කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් කිරීම හේතුවෙන්.
එමෙන්ම විත්ති කුඩුවේ සිට විශේෂ ප්‍රකාශයක් කිරීමට උන් වහන්සේ කළ ඉල්ලීම අධිකරණය අද ඉවත දැමුවා.
ඒ, විත්තිකරුවකුට විත්ති කුඩුවේ සිට විශේෂ ප්‍රකාශයක් කළ හැක්කේ නඩු විභාගය අවසානයේ විත්තිවාචකය ලෙස පමණක් වන නිසයි.
අධිකරණය කියා සිටියේ තවම නඩු විභාගය ආරම්භ වී හෝ නොමැති නිසා එවැනි අවසරයක් දිය නොහැකි බවයි කොළඹ මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ.
අලි පැටියකු ඇලන් මැතිනියාරාමයේ රඳවාගෙන සිටියේයැයි පොදු දේපොළ පනත යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

2/3 දුන්නා.. 19 දුන්නා.. 20 දුන්නා.. මිනිස්සුන්ගෙන් අපිත් බැණුම් අහනවා.. ආයෙනම් 2/3 හිතන්නවත් එපා..- ගැටඹේ හිමියන් ජී.එල්.ගේ මූණටම කියති..

Shiran Viraj

දැනටමත් සුදානම් කර ඇති මංගල උත්සවයක් පැවැත්විය හැකිද ? බලධාරීන්ගෙන් උපදෙස්

Shiran Viraj

කමිටු නිර්දේශ එයි – 20ට අලුත් ගැසට්ටුවක් නැත – සංශෝධන ලෙස පාර්ලිමේන්තුවට

Shiran Viraj
Translate »