mediahumanrights.lk
NewsPolitical

අමෙරිකානු කොංග්‍රස් නියෝජිතයින් සම්බන්ධන් හමුවෙයි

දිවයිනට පැමිණ සිටින අමෙරිකානු කොංග්‍රස් නියෝජිතයින්, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා මුණගැසී සාකච්ඡා පවත්වා තිබේ.
කොළඹදී පැවැති මෙම සාකච්ඡාව  සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂප් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටි  බව දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලිය, අතුරුදන්වූවන් පිළිබඳ ගැටළු, ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කර ගැනීම, විරැකියා ගැටළුව ඇතුළු කරුණූ රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වමින් ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කර ඇත්තේ රටේ යහපත උදෙසා කටයුතු කරනු වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතීක පක්ෂය  තම දේශපාලන අනාගතය සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බැවින් නව ව්‍යවස්ථාව සකස් කිරීමට අපේක්ෂිත කාලයට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බවයි.
ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා උදාවී ඇති මෙම අවස්ථාව මඟනොහැරිය යුතු බව  සඳහන් කර ඇති සම්බන්ධන් මහතා තමා පෙනී සිටින්නේ දෙමළ ජනතාව පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් බව ප්‍රකාශ කර තිබේ.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත පාර්ලිමේන්තුව මඟින් සම්මත කරගෙන ඇතත් මේ වන තුරු එය ක්‍රියාත්මක කර නොමැති බව ද විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අමෙරිකානු කොංග්‍රස් නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කළේය.
එමෙන්ම උතුරේ ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් මුල් පදිංචිකරුවන්ට නිදහස් කීරිම සඳහා රජය විසින් ඇතැම් පියවර ගෙන තිබුණ ද එම ක්‍රියාවලිය මන්දගාමී බව ද ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කර තිබේ.

(under the courtesy of adaderana news web)

Related posts

ඉන්දු-ලංකා ගිවිසුම්වල ලබා දිය හැකි තොරතුරු ලබා දෙනවා..- කැබිනට් ප‍්‍රකාශක

Shiran Viraj

සජිත් ජනාධිපති වුනාම ඉන්ධන බදු ඉවත් කරනවා.. බදු නැතිව පෙට්‍රල් 195යි.. ඩීසල් 201යි..

Shiran Viraj

හබරාදුවේ වෙඩි තැබීමක්

Shiran Viraj
Translate »