mediahumanrights.lk
International NewsNews

මගේ අරමුණ මගේ දරුවට කිරිදීම මිසක් මගේ ශරීරය පෙන්වා ලිංගිකත්වය පෙන්වීම නෙවෙයි – ජනපති දියණිය ලොවට කියයි

උඩුකය නිරුවත්ව තම දරුවාට මව්කිරි පොවන ඡායාරූපයක් නිසා කිර්ගීසියාවේ ජනාධිපති අල්මාෂ්බෙක් අතම්බයෙෆ්ගේ බාල දියණිය අලියා ෂගීවා ජාත්‍යන්තරයේ ලොකු කතාබහක් ඇතිකළා.
අප්‍රේල් මාසයේදී මෙම ඡායාරූපය ගෙන තිබුණත් එය අන්තර්ජාලයට මුදාහැර තිබුණේ පසුගිය දිනකයි.
මෙම ඡායාරූපය නිසා ලිංගිකත්වය හා මව්කිරි දීම ගැන ලොකු කතාබහක්ද ඇතිවී තිබුණා.
මේ හේතුව නිසා ඇය විදෙස් මාධ්‍යයට සිය අදහස දක්වා තිබුණා.
“මම මගේ බිළිඳාට බඩගිනි වුණු ඕනම වෙලාවක ඕනම තැනක මව්කිරි දෙනවා. මම හිතාමතා කරපු දෙයක් නෙවෙයි. ඒ වගේම මගේ අරමුණ මගේ දරුවට කිරිදීම මිසක් මගේ ශරීරය පෙන්වා ලිංගිකත්වය පෙන්වීම නෙවෙයි.
මම මගේ දරුවාට මව්කිරි දෙනවිට මම ඔහුට ලබාදිය හැකි උපරිමය ලබාදෙනවා කියලා මට දැනෙනවා. මගේ දරුවා ගැන සැලකිලිමත් වීම සහ මගේ අවශ්‍යතා ඉටු කිරීම මා ගැන වෙනත් පාර්ශව පවසන දේට වඩා මට වැදගත්.
මම අහන්නේ ඇයි තමන්ගේ දරුවාට මව් කිරි පොවන එකත් ලිංගිකත්වයට අදාල කරගන්නේ කියලා.
කොහොම වුණත් එම ඡායාරූපය මගේ සමාජ ජාල වෙබ් අඩවියෙනුත් ඉවත් කළා.”
(under the courtesy of adaderana news web)

Related posts

යළිත් තෙල් අර්බුදයක් ඇති විය හැකි බවට අර්ජුන අනතුරු අඟවයි

Shiran Viraj

වතුකරයේ අඩු වයස් ගැබ්ගැනීම් වැළැක්වීම සඳහා තරුණ පිරිස් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සාමිමලේදී

Shiran Viraj

මම ඒ ගැන මතක් කර­න­වා­ටත් අකැ­මැ­තියි මුළු ඇඟම හිරි වැටෙ­නවා ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස්

Shiran Viraj
Translate »