2026-02-16
mediahumanrights.lk
Local NewsNews

පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට මරණ දඬුවම

පොලිස් භාරයේ සිටි සැකකරුවෙකුට වෙඩි වැදී මියයාමේ සිද්ධියකට අදාළව පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට ඊයේ (30) පානදුර මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මරණ දඬුවම් නියම කළා.
පසුගිය 22 වන දා මෙම විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ සිද්ධිය වී වසර 27කට පසුවයි.
පානදුර පුර්වගාමී මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා  වීරවර්ධනයි මෙම නියෝගය ලබාදුන්නේ.
මෙම වෙඩි වැදීම සිදුව තිබුනේ 1990 වසරේ ජුනි මාසයේදීයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ ඥාතීන් විසින් සිද්ධිය පිළිබඳ 2006 වසරේදී පොලිසියට පැමිණිලි කර තිබුනා.
පානදුර විශේෂ අපරාධ විමර්ශණ ඒකකය මගින් බණ්ඩාරගම අටලුගමදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුනේ කොල්ලකෑමකට අදාළවයි.
පසුව පොලිස් භාරයේ සිටියදී වෙඩි වැදීමකින් ඔහු මරණයට පත්ව තිබු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඔහුගේ ඥාතීන් බණ්ඩාරගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි සිද්ධියට අදාළව නඩු පවරා තිබුනේ.
මෙම සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනු පොලිස් නිලධාරීන් අතර පොලිස් පරීක්ෂකවරයෙකු සහ සැරයන්වරුන් 4 දෙනෙකු වනවා.
ඔවුන් මොරටුමුල්ල පොලිසිය, මිරිහාන පොලිස් සන්දේශ කොට්ඨාශය ,ලුණුගල,  නිවිතිගල සහ දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානවල වර්තමානයේදී සේවය කරන බව සඳහන්.
මෙම නඩුවට අදාළ තීන්දුව ඊයේ (30) ලබාදුන් අවස්ථාවේ ඥාතීන් හඬා වැළපුන බවයි අප වාර්තාකරු කියා සිටියේ.
(under the courtesy of hirunews news web)

Related posts

බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් ජය ශ්‍රී ලංකාවට – රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක්

Shiran Viraj

කොරෝනාවලින් ආරක්‍ෂා වෙන්න APP එකක්…

Shiran Viraj

සමහරවිට මම දැන් මැච් දිනවන ක්‍රීඩකයෙක් නෙවෙයි වෙන්න පුළුවන් – මමත් කැච් මිස් කළා – මාලිංග

Shiran Viraj
Translate »