mediahumanrights.lk
Local NewsNews

පේදුරුතුඩුවේ සිද්ධියට පොලිසියේ 02 ක් අත්අඩංගුවට

අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට පේදුරුතුඩුව ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (09) පස්වරුවේ පේදුරුතුඩුව පොලිස් වසමේ දී නොනවත්වා ධාවනය වූ මෙම වැලි ලොරියට පොලිසිය වෙඩි ප‍්‍රහාරයක් එල්ල කරා.
ඉන් 24 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. සිද්ධියෙන් පසු ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් පේදුරුතුඩුව පොලිස් ස්ථානයට විරෝධය පළ කරමින් ඒ අසළ විරෝධතාවයේ ද නිරත වී තිබුණා.
පසුව තත්වය පාලනය කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.
(under the courtesy of nethfm news web)

Related posts

ශ‍්‍රීලනිපය පොහොට්ටුවෙන් වෙන්වෙන්න තීරණය කරයි.. යෝජනාව සම්මතයි…

Shiran Viraj

වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් ගණන ඉහළට

Shiran Viraj

ඇදිරි නිතියේ අරුගම්බේ ගිය රාජිත පවුලම එක්ක නිරෝධායනයේ, රාජ්‍ය අනුහසින් නිරෝධායනය ලිහිල්වි අද කොළඔ

Shiran Viraj
Translate »