mediahumanrights.lk
Local NewsNews

දින 3 ක් සිට අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළසිරුරක් කුරුවිට පතල් වළකින් මතුවෙයි

කුරුවිට, පැරඩයිස්, රණසිංහ ප්‍රදේශයේ අතහැර දමන ලද පතල් වළකට වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
සිද්ධියෙන් මියගිය ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි කනහැලගේ කරුණාරත්න නැමති 60 හැවිරිදි පුද්ගලයෙකි.
නිවසට අඩි 30ක් පමණ දුරින් වූ මෙම පතල් වල සම්පූර්ණයෙන් ජලයෙන් පිරී තිබූ බව සඳහන්.
මියගිය පුද්ගලයාගේ පුතා තම පියා දින 3 ක් නොදුටු නිසා මේ බව පොලිසියට දැනුම් දී තිබෙනවා.
තම නිවසසෙහි දොර ජනෙල් හැර තිබුණත්  පියා නිසෙහි නොසිටි බවයි පුතා පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
නිවෙසට හා ප්‍රදේශය පුරා විශාල ලෙස දුර්ගන්ධයක් පැතිර යන බැවින්ද නිවෙස අවට සෝදිසි කිරීමේදී නිවෙසට අඩි 30ක් පමණ දුරින් වූ අතහැර දමන ලද ජලය පිරුණු විශාල පතල් වළක මියගිය පුද්ගලයාගේ සිරුර මුණින් අතට පාවෙමින් තිබියදී සොයා ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි වාර්තා වුණේ.
(under the courtesy of hirunews news web)

Related posts

පරීක්ෂණ වැඩි කිරීම සඳහා සැපයුම් අඩුපාඩු බාධාවක් නම් වහාම සොයා බලා අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට කටයුතු කරන්න – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Shiran Viraj

වාරිමාර්ග ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

Shiran Viraj

දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් වන සංහාරයක්.. මුස්ලිම් පවුල් පදිංචි කරවලා.. ඥානසාර හිමි රක්ෂිතයට පනී..

Shiran Viraj
Translate »