mediahumanrights.lk
Local NewsNews

ත‍්‍රීරෝද රථ රියදුරන් විදෙස් කාන්තාවන් අනවශ්‍ය පරිදි ස්පර්ශ කරනවා කියන කතාවට විරෝධයක්

කොළඹ ත‍්‍රීරෝද රථ සම්බන්ධයෙන් මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය ඉකුත්දා කළ ප‍්‍රකාශයට ජාතික ඒකාබද්ධ ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතිය විරෝධය පළ කරනවා. කොළඹ ත‍්‍රීරෝද රථ රියදුරන් විසින් මෙරට සංචාරය කරන විදෙස් කාන්තාවන් අනවශ්‍ය පරිදි ස්පර්ශ කරන බව අමෙරිකානු තානාපති කාර්යාල සඳහන් කර තිබුණා. කොළඹ නගරයේ ත‍්‍රීරෝද රථවල තනිව ගමන් නොකරන ලෙසයි අමෙරිකානු තානාපති කාර්යාලය මෙරට සංචාරය කරන අමෙරිකානු කාන්තාවන්ට උපදෙස් ලබා දී තිබුණේ.
ජාතික ඒකාබද්ධ ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතියේ ලේකම්, රෝහණ පෙරේරා සඳහන් කළේ මෙය ත‍්‍රීරෝද රථ කර්මාන්තය අඩාල කිරීමට සිදු කළ ප‍්‍රකාශයක් බවයි.
කෙසේ වෙතත් සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේ ත‍්‍රීරෝද රථ කර්මාන්තය නියාමනය සඳහා කිසිදු වැඩපිළිවෙලක් මෙරට නොමැති බවයි. ඒ හේතුවෙන් එවැනි සිදුවීම් සිදුවිය හැකි බවද ඔහු කියා සිටියා.

(under the courtesy of nethfm news web)

Related posts

ඇමරිකා බදුවලින් වාහන මිල යලි ඉහලට…

Shiran Viraj

පිරවුම්හලකට ගල්මුල් ගසති.. විශාල පිරිසක් අත්අඩංගුවට…

Shiran Viraj

ජනපති ඊජිප්තුව බලා පිටත් වේ…

Shiran Viraj
Translate »