mediahumanrights.lk
NewsSportsSports News

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය පරාජය ගැන සැකයක්

011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ලද පරාජය මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වන මාතෘකාවක්.
එවක ක්‍රිඩා අමාත්‍ය ධුරය දැරූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ මෙම තරගය ආශ්‍රිතව සැක උපදවන සිදුවීම් කිහිපයක් ද වාර්තා වූ බවයි.
තම උපදෙස් මත ඒ පිළිබද පරීක්ෂණයක් ආරම්භ කළද කාලයත් සමග අදාළ පරීක්ෂණ යටපත් වූ බව ද හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා හිරු ස්පොට්ස් වෙත පැවසුවා.
– මහින්දානන්ද අලුත්ගමගේ – හිටපු ක්‍රීඩා අමාත්‍ය
– අවසාන තරගාවලියට කලින් දින රාත්‍රියේ ක්‍රීඩකයින් 4 දෙනෙක් අපේ අවසරයකින් තොරව මාරු කළා. ඒත් එක්කම ඒ වගේම තරගාවලිය තිබූ දවසේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් තම රෙස්ට් රූම් එකේ සිගරැට් 55 ක් බිව්වායි කියන කළමනාකරු වාර්තාවක් අපට ලැබිලා තිබුණා. ඒ වගේම තරගාවලියෙන් පස්සේ ඊට පහුවෙනිදාම කණ්ඩායමේ නායකයා කිසිම හේතුවක් නැතුව තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය අපිට භාරදුන්නා. කාරණා කිහිපයක් මේ පිලිබද සැක උපදවන සිදුවීම් සිදුවුණා. මම එවකට ක්‍රිකට් කළමනාකරණ කමිටුවට කිව්වා වහාම මේ පිළිබද පරීක්ෂණයක් පවත්වන්න කියලා. ක්‍රිකට් පාලක මණ්ඩලයටත් ක්‍රීඩා අමාත්‍යාංශයටත් මේ පරාජය පිළිබද යම් සැකයක් මතුවන කාරණයක් අපිට තිබුණා. තරගාවලියෙන් පස්සේ ක්‍රිකට් පාලක මණ්ඩලයට නව නිලධාරීන් පිරිසක් තේරී පත්වුණා. එතනින් එහාට ඒ පරීක්ෂණය ගියේ නැහැ. මට මතකයි තරගාවලිය අවසන් මොහොතේ ක්‍රීඩා කරනවා මම එතකොට හිටියා. යම් යම් වෙනස්කම් කිහිපයක් පිළිබද පණිවුඩ කිහිපයක් යැව්වා. නමුත් ඒ වෙනස්කිරීම් කිසිවක් සිදු කළේ නැහැ.
(under the courtesy of hirunews news web)

Related posts

අද සිට නිකුත් කරන ජාතික හැඳුනුම්පතට ඡායාරූප අලවන්න ඕන නෑ

Shiran Viraj

සමගි ජන බලවේගය මන්ත්‍රීවරු 09ක් නෙරපයි.. කතානායකට දන්වයි..

Shiran Viraj

අපේ ඉල්ලුම එන්න එන්නම වැඩිවෙනවා ප්‍රවීණ රංගන ශිල්පිනී නයනා කුමාරි

Shiran Viraj
Translate »