mediahumanrights.lk
Local News News

හෝටලයක් වටලා මත් වූ පාසැල් සිසුන් 200ක් අල්ලයි!- ‍ෆේස්බුක් හරහා සිදු වූ තවත් ජාවාරමක් මෙන්න

තහනම් මත්ද්‍රව්‍ය භාවිත කරමින් බදුල්ල බෝගහමඩිත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක අද (02) පැවති සාදයක් පොලිසිය විසින් වටලනු ලැබ තිබෙනවා.
ඊට සහභාගීවූවන් හෙරොයින්, ගංජා හා මත්පෙති භාවිත කර ඇති බවයි මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධාන කර තිබූ මෙම සාදයට හෙරොයින් මිශ්‍ර කර සකස් කළ මුද්දර විශේෂයක් ද ගෙනවිත් තිබූ බව හෙළිකර ගෙන තිබෙනවා.
සාදය සඳහා ඇතුළු වීමට රුපියල් දහසේ සිට දෙදහස් පන්සියය දක්වා ප්‍රවේශපත්‍ර අලෙවි කර ඇති බවද සඳහන්.
පොලිසිය විසින් වැටලීම සිදු කරනු ලබන අවස්ථාවේ එහි තරුණ තරුණියන් දෙසියයක් පමණ සිටි බවයි පැවසෙන්නේ.
ඒ අතරින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 29 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
ඒ අතර බදුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසල් කිහිපයක සිසුන්ද ඇතුළත්.
ඔවුන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1150ක්, ගංජා මිලිග්‍රෑම් 6500ක්, මත්පෙති හා හෙරොයින් මිශ්‍ර කර සකස් කරන ලද මුද්දර ද සොයාගත් බව පොලිසිය පවසනවා.
(under the courtesy of nethfm news web)

Related posts

කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත ගේන්න කැබිනට් අනුමැතිය

Shiran Viraj

කටුනායක කලාපේ විශාල පිරිසකට කන්න නෑ.. බෝඩිං කාමරයේ හිරවෙති..

Shiran Viraj

දැන් ලංකාව චීන යටත් විජිතයක්.. චීන කොලනියක්..- චන්ද්‍රිකා

Shiran Viraj