27 C
Colombo
2024-07-07
mediahumanrights.lk
Entertainment Entertainment News News

හිත පුරා ආදරය විදින දිනක්‌ෂි

දිනක්‌ෂිට මතකද කුළුඳුලේ ඔය හිතට ආදරයක්‌ හමුවුණ දවස
දින වකවානු නම් හරියටම මතක නැහැ ඒත් වයස 16 දි විතර තමයි මම මුලින්ම ආදර ගැන හැගීමක්‌ වින්දෙ. එදා ඒක ආදරයක්‌ විදිහට හිතුවත් අද මම හැබෑ ආදරයක්‌ විදින නිසා එදා ඇතිවුණේ ආදරයක්‌ නෙවෙයි ආකර්ෂණයක්‌ කියලයි මට දැනෙන්නෙ. ඒ පාසැල් ප්‍රේමයෙන් පස්‌සෙ මගේ හිතට ළංවුණ ආදරයක්‌ තිබුණා. ඒ ප්‍රේමයත් අතරමග නතර වුණා.
කොහොම වුණත් අද දිනක්‌ෂි හිතපුරා ආදරය විදින ආදරවන්තියක්‌ නේද ?
ඇත්තෙන්ම මම දැන් පෙම්වතියක්‌.
ඔහුගේ ආදර ඇරයුම ලැබෙන්නේ ?
කාලයක්‌ ළඟින් ඇසුරු කිරීම නිසා අපි දෙන්න අතරෙ ඇතිවුණ තේරුම් ගැනීම ආදරයක්‌ බවට පෙරළුණා. හිතවත්කම දුරදිග යද්දී අපි දෙන්නම අපිට ආදරය කරන්න පටන් අරන් තිබුණා.
දිනක්‌ෂිට ඔහු හමුවෙන්නෙ කලා ලෝකයෙන්ද ?
නැහැ. එයා ව්‍යාපාර ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්‌.
නිරන්තරයෙන් තම දූවරුන්ගේ ආරක්‌ෂාවට ළඟින් රැෙදන ඔබේ දෙමව්පියන් දිනක්‌ෂිගේ ප්‍රේම සම්බන්ධයට එකහෙලා අනුමැතිය දුන්නද ?
අම්මයි තාත්තයි මට නිදහස දීලා තියෙන්නේ මගේ ජීවිතයට ගැලපෙන කෙනෙක්‌ තෝර ගන්න. ඒ නිසා මම තේරුම් ගත්තා මගේ ජීවිතය දරාගන්න පුළුවන් විශ්වාස කරන කෙනා ඔහු කියලා. ඔහුත් සමග ඇති කර ගත් ප්‍රේමයට ගෙදරින් තහංචි වැටුණේ නැහැ.
මේ වෙද්දි අපේ ජනප්‍රිය යොවුන් නිළිය කුළගෙට යන්නත් දින වකවානු යොදාගෙනද ?
නැහැ. මම කොහොමටත් දැන්ම විවාහ වෙන්නෙ නැහැ. ඉදිරි කාලයේ අම්මල තාත්තලගේ ආශිර්වාදය එක්‌ක විවාහයට දින තීන්දු කරගන්නවා. ළගදීම නම් ඒ දවස උදාවෙන්නෙ නැහැ. අපි තවමත් ආදරය විදිමින් ඉන්නවා විතරයි.
කලාවට හාත්පසින් වෙනස්‌ ක්‍ෂේත්‍රයක ඉන්න ඔහු ආදරය නිසා දිනක්‌ෂිට බාධක සීමාවන් හදලද තියෙන්නේ ?
මේදේ කරන්න මේක කරන්න එපා කියල සීමාවන් නැහැ. වැඩකට යද්දි එයාට කියලම යන්න ඕනෑ කියල දෙයක්‌ නැහැ. ඒත් අපි දෙන්න අපි දෙන්න යන එන කරන කියන දේ ගැන හැමවෙලාවෙම දැනුවත් . කොහොමත් එයා මම ගැන දන්නවා. නීති රීති නොදැම්මට කළයුතු හා නොකළයුතු දේ ගැන මම දැනුවත් කියල එයාට අවබෝධයක්‌ තියෙනවා.
දිනක්‌ෂිගේ ජනප්‍රියත්වය හා ජනතා ආකර්ෂණය ගැන ඔහුගේ ආදර හිත මැදහත්ද ?
එයා මගේ හැකියාවන්ට වගේම මගේ ජනප්‍රියත්වයට ගරු කරනවා. මම හිතනවා මා ගැන එයා සතුටු වෙනවා කියල.
ආදරේ කරන්න පටන් අරන් කුළුඳුලේ හුවමාරුවුණ ප්‍රේමණීය තිළිණය මොකක්‌ද ?
එයා මට ගොඩක්‌ තෑගි දෙනවා. මමත් එහෙමයි . ඒත් ඒ දෙවල් ගැන ලොකුවට හිතේ තියාගන්න හෝ තෑග්ගක්‌ ලැබුණා නොලැබුණා කියල මම ලොකුවට සසල වෙන කෙනෙක්‌ නෙවෙයි. ඇත්තම කියනවා නම් මම ඒ දේවල් ගැන ඒ තරම් සළකන යුවතියක්‌ නෙවෙයි.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

Related posts

“රට ජාතිය සමඟි කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නොව නිර්මල බුදු දහමෙනුයි” – රෙජිනෝල්ඩ්

Shiran Viraj

සියළුම පාසැල් වසා දැමේ….

Shiran Viraj

රනිල් වික්‍රමසිහ සහ නරේන්ද්‍ර මෝධි හමුවෙයි

Shiran Viraj