mediahumanrights.lk
Entertainment Entertainment News News

මුතූ මේ සැරේ ළං වුණේ කාටද?

මුතු අලුත් වැඩකින් එළියට ඇවිත්නේ. මුලින්ම ඒ ගැන කියමු?
ඔව්. අවුරුදු තුනකට විතර කලින් තමයි ‘ළං වුණා ළං වුණා’ කියන ගීතය කළේ. ඒත් වීඩියෝව කළේ ළඟදි. මගේ පළමුවැනි මියුසික් වීඩියෝව තමයි දැන් රිලීස් කරලා තියෙන්නේ.
මියුසික් වීඩියෝවක් කරන්න ඇයි මෙච්චර කල් ගත්තේ?
මට හුඟක් වැඩ තිබුණා. මාස හයක් විතර මෙගා ස්ටාර් එකේ හිටියා. මම මේක භාරදීලා තිබුණෙ “හරි ක්‍රියේෂන්” එකට. එයාලා ටපඥඥ වෙනකොට මම ටපඥඥ නැහැ. මම ටපඥඥ වෙනකොට එයාලා ටපඥඥ නැහැ. ඒ නිසා තමයි වැඩේ කල් ගියේ.
මේ ගීතයේ නිර්මාණ පසුබිම ගැන කිව්වොත්?
සංගීතය කළේ ප්‍රියන්ත නාවලගේ. පද රචනය කළේ තුන්කම පඤ්ඤාලංකාර හිමි. වීඩියෝ එක කළේ “හරි ක්‍රියේෂන්”.
පසුගිය දවස්වල කාර්යබහුල වෙලා හිටියේ මියුසික් වීඩියෝව නිසාද?
ඇත්තටම ඔව්. ගීතයේ වැඩත් එක්ක සෑහෙන්න හිරවෙලා හිටියේ. ගීත මාධ්‍ය වලට දෙන්නත් එහෙ මෙහෙ ගියා. ඒකයි කාර්යබහුල වුණේ.
ජනප්‍රිය නිළියක් නිසා මාධ්‍යවලින් උදවු ලැබෙනවා ඇති නේද?
ඔව්. චැනල්වලින් මට ගොඩක් උදවු කළා. මම කියපු ගමන්ම මට ගීතය එවන්න කිව්වා. සමහර චැනල්ස් ගීතය දුන්න දවසෙම නතචර කළා.
ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හොඳයි. ගොඩක් අය අගය කරනවා. වීඩියෝවටත් හොඳ ප්‍රතිචාර තියෙනවා.
වැඩිපුර රංගනයෙන් පේන්නේ නැත්තෙ දැන් ගායනයට මුල් තැනක් දීල නිසාද?
මට නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් මට ඒවා මඟහැරුණා. සමහර නාට්‍යවලට සම්බන්ධ නොවෙන්න මූල්‍යමය හේතුත් බලපෑවා. හොඳ චරිතයක් ලැබුණෙ නැහැ ළඟකදි. එහෙම ලැබුණා නම් මඟහරින්නෙත් නැහැ. සමහර පිටපත් කියවලා බලලා ප්‍රතික්ෂේප කරපු අවස්ථාත් තිබුණා.
මුතු වැඩිපුර කැමැති රංගනයටද? ගායනයටද?
දැන් නම් කැමැති ගායනයට.
ගායනයට කැමැතියි කියන්න හේතුවකුත් ඇතිනේ?
මෙහෙමයි. රංගනය මාස ගණන් කැපවෙලා කරන්න ඕන. ඒත් සමහර ඒවයේ සල්ලි ගන්න ගියාම ප්‍රශ්න වුණු අවස්ථා තියෙනවා. තවම සල්ලි නොලැබුණු නාට්‍යත් තියෙනවා. අනෙක මට හීනයක් තිබුණා ගායිකාවක් වෙන්න. ප්‍රසංගවලදී ප්‍රේක්ෂකයන්ව සජීවීව මුණගැහෙන්න පුළුවන්. එයාලගෙ ප්‍රතිචාර විඳින්න මම ආසයි.
ගායන අවස්ථාත් මුතුට ජයටම ලැබෙන නිසා ඔය තීරණය ගත්තා නෙමෙයිද?
රංගනයෙදි වගේ නෙවෙයි ගායනයට එන්නත් අමාරුයි. පැවතෙන්නත් අමාරුයි. මට එහෙම දෙයක් දැනෙනවා. මම දැකපු දෙයක් තමයි රංගනයට එන්න ලේසියි. පැවතෙන්න අමාරුයි. ඉතින් මොන දේ වුණත් කරන එක පහසු නැහැ. මට රංගනයට වගේම ගායනයටත් අවස්ථා ලැබෙනවා.
මුතූ වැඩිය ලංකාවේ නෑ කියන්නෙ ඇත්තද?
මම ලංකාවේ නොහිටිනවා නෙවෙයි. නිතරම වගේ ෂෝවලට ගිහින් ලංකාවට එනවා.
මුතුට විදෙස් ප්‍රසංග ජයයිනේ. දැන් වෙනත් ශිල්පීන්ගේ ගීත වගේම මුතුගේ ගීතත් ප්‍රසංගවලදී ගායනා කරන්න පුළුවන් නේද?
ඔව්. මම ප්‍රේක්ෂකයො ඉල්ලන ගීත ගායනා කරනවා. ගිය සැරේ කොරියාවල ප්‍රසංගයකට ගියාම මගේ ගීතය යූටියුබ් එකෙන් අහලා ඒක කියන්නම කියලා මට බල කළා.
වැඩි වැඩියෙන් විදෙස් ප්‍රසංගවලට සහභාගි වෙන්න ලැබෙන එක හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙවෙයි නේද?
මටත් ඒක අහඹු දෙයක්. රංගනයට අමතරව තමයි මට මේ අවස්ථාව ලැබුණේ. ඒක මගෙ වාසනාවට ලැබුණ දෙයක් කියලා තමයි මම හිතන්නෙ. හුඟක් අයට එහෙම අවස්ථා ලැබෙනවා අඩුයිනෙ. මගෙ පෙර පිනකට තමයි මට ඒවා ලැබෙන්නේ.
අලුත් නාට්‍ය නිර්මාණවලට සම්බන්ධ වුණේම නැද්ද?
අලුත් වැඩවලට සම්බන්ධ වුණේම නැහැ. මොකද මම කාර්යබහුල වෙලා හිටිය නිසා. ඒත් කලින් කරපු නාට්‍ය දහයක් විතර විකාශය වෙන්න තියෙනවා.
රිදී තිරය පැත්තට යන්න අදහසක් නැද්ද?
ටඪතථ එකකට ආරාධනා ලැබිලා තියෙන්නේ. නමුත් තවම ස්ථිර කළේ නම් නැහැ. ඉන්දියන් චිත්‍රපටයක කොපි එකක් තමයි කරන්න හදන්නෙ. ඒ ටඪතථ එක කරන්නෙ සංජය කියලා අලුත් අධ්‍යක්ෂවරයෙක්.
පෙම්වතාගෙන් මුතුට ලොකු සහායක් ලැබෙනවා වගේ?
එයා තමයි මගේ පිටිපස්සෙන්ම ඉඳන් මට හුඟක් උදවු කරන්නෙ. වීඩියෝ එකටත් හුඟක් උදවු කළා. එයා ඉතින් මට ලොකු හයියක්.
මේ අවුරුද්දෙවත් එකලාසයක් වෙන්නෙ නැද්ද?
මේ අවුරුද්දෙ බැරි වෙයි. ඒ දවස දැන්ම කියන්න බැහැ.
මොනවද ඉදිරි වැඩකටයුතු?
ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තව ගීත දෙකක් කරලා තියෙනවා. මේ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබුණොත් ඒවත් ඉක්මනින් රසිකයන් අතරට ගේනවා.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

Related posts

රනිල් ශක්තිමත් කරන්න ගිය ශ‍්‍රීලනිප 06 පක්‍ෂයෙන් ඉවතට.. මන්ත‍්‍රීකමත් අහිමියි..?

Shiran Viraj

බෞද්ධ කොඩිය වෙනුවෙන් චක්‍රලේඛයක්

Shiran Viraj

දිනක් තුළ කොරෝනා මරණ 2000 ඉක්මවු පළමු රට බවට අමෙරිකාව පත්වෙයි

Shiran Viraj