mediahumanrights.lk
Local NewsNews

බන්ධනාගාරයේ පුරප්පාඩු 1200ක්! 350ක් බඳවාගත්තත් ගෙදර යවලා!

බන්ධනාගාර නියාමක තනතුරේ පුරප්පාඩු 1200ක් පමණ ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් රාජකාරියේ නිරත බන්ධනාගාර නියාමකවරුන්ට ඇතැම් අවස්ථාවල දින තුනක් හෝ හතරක් අඛණ්ඩව සේවයේ යෙදීමට සිදුව ඇති බවයි එහිඋසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.
රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බන්ධනාගාර නියාමකවරුන් යොදවන අතර අධිකරණ සඳහා රැඳවියන් රැගෙන යන්නේ ද බන්ධනාගාර නියාමකවරුන් විසින්. රාත‍්‍රී සේවා මුරය අවසන් කර ඇතැම් අවස්ථාවල පසුදින රැඳවියන් අධිකරණවලට රැගෙන යාමට සිදුවීම හේතුවෙන් බන්ධනාගාර නියාමකවරුන් අපහසුතාවට පත්වන බවද සඳහන්.
පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා මීට පෙර බන්ධනාගාර නියාමකවරුන්  350 දෙනෙකු බඳවා ගැනීමට දෙපාර්තමේන්තුව කටයුතු කළද පසුව එම පත්වීම් අවලංගු කෙරුණා. බඳවා ගැනීමේ දී සිදු වූ අක‍්‍රමිකතාවක් සැලකිල්ලට ගනිමින් විෂයභාර අමාත්‍යවරයා විසින් එම පත්වීම් අවලංගු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියේ. කෙසේ වෙතත් ඒ පිළිබඳ අවසන් තීරණය ලබාදිය යුත්තේ රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

යුක්‍රේනයට තවත් බරපතල තත්ත්වයක්: රුසියාව Dnipropetrovsk කලාපයට ඇතුළුවෙයි

Shiran Viraj

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කියන තවත් වාර්තාවක් පිටවෙයි

Shiran Viraj

කිවුව දේ ඇහුවේ නෑ.. කොරෝනා 04වන අදියරට එනවා.. දරුණු ලෙස සමාජය ගිල ගන්නවා…- GMOA

Shiran Viraj
Translate »