mediahumanrights.lk
NewsPolitical

පුංචි ඡන්දයේ පමාවෙන් ඩෙංගු වැඩි වෙනවා!

පළාත්පාලන ආයතන අක‍්‍රීය වීම හේතුවෙන් ඩෙංගු මර්දන වැඩසටහන් පවා නිසි ලෙස ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඉමදූව ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
“ආණ්ඩුව දැන් ඩෙංගු ගණන්කරන එක නවත්තල, මරණ ගාණ ගණන් කරන්නෙත් නැහැ, දැන් ලෙඩ්ඩුගාන ගණන් කරන්නෙත් නැහැ. ඇඳ උඩත් දානව. ඇඳ යටත් දානව. කුණු ගොඩවල් හැමතැනම . පාරක් පාරක්ගානෙ. කුණුටික එකතුකරගන්න බැහැ. බෝකරනව. මේකට්ටිය මේ බෝකරන්නෙ ඕනකමින්ද කියලත් හිතෙනව.
ඉස්සර ගං වතුර වගේ ප්‍රශ්නයකදි මූලිකත්වය අරන් කටයුතු කලේ මන්ත්‍රීවරු. දැන් මන්ත්‍රීවරු නැහැ දුවල පැනල වැඩ කරන්න.”
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ක‍්‍රියා කරන ආකාරය රාජ්‍ය යාන්ත‍්‍රණය නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීමට බාධාවක් බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා.
(under the courtesy of nethfm news web)

Related posts

රටේ නායකයා ලෙස මා සිටින තුරාවට යුද අධිකරණ වලට ඔබ ගෙන නොයමි!

Shiran Viraj

මා ළඟ හිටියේ නැතිනම් සනත්ට තරහා යනවා ප්‍රවීණ ගායිකා මල්කාන්ති නන්ද­සිරි

Shiran Viraj

මෛත්‍රි සහ රනිල් ගේ පක්ෂ දෙක අතර ආතතියක්

Shiran Viraj
Translate »