27 C
Colombo
2024-07-07
mediahumanrights.lk
Entertainment Entertainment News News

පිය සෙනෙ­හ­සත් මවු සෙනෙ­හ­සත් අතර දෝල­නය වන

තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිස් ජීවිත පැහැදිලි ලෙසම වෙනස්විය. විශේෂයෙන් පරිගණකය සොයාගැනීමත් ඉන්පසු අන්තර්ජාලය නිර්මාණය වීමත් නිසා ලෝකයම එකම ගම්මානයක් බවට පත්විය. මේ තාක්ෂණික දියුණුවේ අග්‍රඵලය ස්මාර්ට් ජංගම දුරකතනය යැයි කීවොත් ඔබ මා හා එකඟ වනු ඇත. ඇඟිලි තුඩක සියුම් ස්පර්ශයකින් ලෝකයම තමන් අතට ගෙන්වා ගත හැකි ලෙස දැන් මේ ජංගම දුරකතනය දියුණු වීම ඊට හේතුවයි.
මෙලෙස තාක්ෂණයේ දියුණුව පූර්විකාව කරගනිමින් මේ සටහන ආරම්භ කරන්නේ පසුගිය 14 වැනිදා සිට රීගල්, මැජස්ටික්, ලිඩෝ ඇතුළු CFL / NFC මණ්ඩල වල තිරගත කිරීම ඇරැඹූ ධර්මයුද්ධය චිත්‍රපටය පිළිබඳ විස්තරයක යෙදෙන්නටය.
ප්‍රාථමික අධ්‍යාපනයක් පමණක් ලැබූ හරිශ්චන්ද්‍ර ස්වොත්සාහයෙන් දියුණු වූ ව්‍යාපාරිකයෙකි. හිත හොඳ ප්‍රියමනාප චරිතයක් වූ ඔහු ප්‍රදේශයේ කාගේත් සිත් දිනාගන්නේ අවංකව ජීවත්වන හෙයිනි.
සිය තරුණ බිරියත් දියණියන් දෙදෙනාත් තම ජීවිතයේ එකම සම්පත සේ සලකන හරිශ්චන්ද්‍ර ගේ එකම විනෝදාංශය වන්නේ චිත්‍රපට නැරඹීමයි. මේ සඳහා කොතරම් ඇබ්බැහි වී ඇත්දැයි කියතොත් සිය රාජකාරී වේලාවල්වල පවා චිත්‍රපට නරඹන්නේ දුරකතනය පවා විසන්ධි කරමිනි.
ගමන බිමන කතාබහ මෙන්ම එදිනෙදා ජීවිතයේ අවස්ථා වලදී පවා චිත්‍රපට ලෝකයේ දී දකින අසන සිදුවීම් හා ගලපමින් කතා කරන හරිශ්චන්ද්‍රට බිරිය මෙන්ම දියණියන්ද පණමෙන් ආදරය කරති.
භද්‍ර යෞවනයේ පසුවන ඔහුගේ වැඩිමහලු දියණිය අචිනි පාසල් සිසු සිසුවියන් පිරිසක් සමඟ ක්ෂේත්‍ර චාරිකාවකට සහභාගි වන අතර, එහිදී අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දෙයි. එම චාරිකාවට සහභාගි වුණු ෂේන් නම් තරුණයා ජංගම දුරකතනයේ ඇති කැමරාවෙන් අචිනි ගේ ඉරියව් වීඩියෝ කරන අතර එය පෙන්වා ඇගෙන් අයුතු ප්‍ර යෝජන ගැනීමට උත්සාහ කරයි.
හරිශ්චන්ද්‍ර ගේ ආදරණීය කැදැල්ලට ඇතුළු වන මෙම නන්නාඳුනන ආගන්තුකයා නිසා ඔහුගේත් බිරියගේත් දරුවන් දෙදෙනාගේත් ජීවිත අනපේක්ෂිත සිදුවීම් මාලාවකින් වැසීයයි.
දේශපාලන බලපුළුවන්කාරිනියක වන විශාකා සිය අතුරුදන් දරුවා (ෂේන්) සොයා බලයත් නීතියත් සියතට ගන්නේ තම දේශපාලන බලය උපරිමයෙන් භාවිතා කරමිනි.
ඇගේ බලය හමුවේ හරිශ්චන්ද්‍ර සිය පවුල රැක ගැනීමට පෙන්වන නිර්භීත භාවය සමස්ත සමාජයම විමසිල්ලෙන් බැලිය යුතු දෙයකි.එසේම තම දරුවන්ට අසීමිත නිදහසක් ලබාදීමෙන් මෙන්ම ජංගම දුරකතන නිසා නොමඟට යොමුවීමෙන් ඔවුන්ගේ, මවුපියන්ගේ මෙන්ම සමස්ථ සමාජයේම ජීවිත වලට සිදුවන විනාශය කෙබඳුද? පිය සෙනෙහසට කොතරම් දුර යා හැකිද? මවු සෙනෙහසට මොනතරම් දේ කළ හැකිද? එහි හරි වැරැද්ද තීරණය කරන්නේ කවුද? යහපත සහ අයහපත අතර යුද වදින මාපිය සෙනෙහස නීතිය ඉදිරියේ ජය ගනීද?
ධර්ම යුද්ධය සිනමා නිර්මාණයේ කතාව නරඹන විට මෙම තීරණ අතර අතරමංවනු ඇත. ජැක්සන් ඇන්තනී හරිශ්චන්ද්‍ර ලෙසත්, දිල්හානි ඒකනායක රාණි ලෙසත් කුසුම් රේණු විශාඛා ලෙසත් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙහි ඩග්ලස් රණසිංහ, කුමාර තිරිමාදුර, තිසුරි යුවනිකා, විනුම් වන්සදී, ආරියසේන ගමගේ, වසන්ත කුමාරසිරි, අවන්ති අපොන්සු, ආනන්ද අතුකෝරල, රොෂාන් පිලපිටිය සහ දනුක දිල්ෂාන් සෙසු චරිත නිරූපණය කරති.
MTV Channels (pvt) Ltd නිෂ්පාදනය කර සිරස චිත්‍රපටයක් ලෙස එම් එන්ටටේන්මන්ට් ඉදිරිපත් කරන ‘ධර්මයුද්ධය‘චිත්‍රපටය චෙයියාර් රවිගේ අධ්‍යක්ෂණයකි.
2013 වසරේ තිරගත වුණු ජීතු ජෝශප් ගේ ඩ්‍රිෂ්යාම් නම් මලයාලම් චිත්‍රපටයට අනුව 2015 වසරේ නිපදවුණු ඉන්දීය දමිළ චිත්‍රපටය වුණු පාපනාසම් හි කතා තේමාව ඇසුරෙන් ප්‍රගීත් එස් රත්නායක මෙහි දෙබස් රචනා කර ඇති අතර ගිහාන් රංග බණ්ඩාර සම අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

Corona : ශ‍්‍රී ලංකාවට තීරණාත්මක දින 10 ඇරඹේ…

Shiran Viraj

මට රඟ පාන්න බෑ කියූ අධ්‍යක්ෂ අද වැඩ නැතිව වේ‍ෙළ­නවා ජන­ප්‍රිය රංගන ශිල්පී අමිල අබේ­සේ­කර

Shiran Viraj

ඉන්දීය යාත්‍රා කොන්දේසි සහිතව නිදහස් කිරීමට තීරණයක්

Shiran Viraj