31.7 C
Colombo
2026-03-02
mediahumanrights.lk
NewsSportsSports News

පාපන්දු නිලවරණය අද

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද (01) පැවැත්වෙනවා. ඒ, ක‍්‍රීඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදීයි. ඡන්දය භාවිත කිරීම සඳහා පාපන්දු සම්මේලනයේ සාමාජික ලීග සංගම් 63ක් සුදුසුකම් ලබා සිටින අතර එහි මුලූ ඡන්ද එකතුව 189ක්. අද පැවැත්වෙන ඡන්දය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනයේ විශේෂ නියෝජිතයින් ද පැමිණීමට නියමිතව තිබෙනවා. ක‍්‍රිකට් සහ රග්බි නිලවරණයෙන් පසු වැඩිම අවධානයක් යොමුව ඇත්තේ පාපන්දු සම්මේලන නිලවරණයටයි. මෙවර පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය සඳහා තරග වදින්නේ හිටපු සභාපති රංජිත් රුද්‍රිගෝ සහ වත්මන් සභාපති අනුර ද සිල්වායි. ඔවුන් දෙදෙනා ඉකුත් දා විශේෂ මාධ්‍ය හමු කැඳවමින් මෙරට පාපන්දු ක‍්‍රීඩාව නගා සිටුවීමේ වැඩපිළිවෙල පිළිබඳ කරුණු දැක්වූවා. පසුබෑමට ලක්ව ඇති මෙරට පාපන්දු ක‍්‍රීඩාවට වෘත්තීය වටිනාකමක් එක්කිරීම පිළිබඳවද මෙහිදී අදහස් පල වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

විශේෂ පාසල් නිවාඩුවක් සදුදා..

Shiran Viraj

බෞද්ධයන් නැති ගමේ බුද්ධ මන්දිරය රකින ඉස්ලාම් බැතිමතා – Photos

Shiran Viraj

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද

Shiran Viraj
Translate »