mediahumanrights.lk
News Sports Sports News

පාපන්දු නිලවරණය අද

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද (01) පැවැත්වෙනවා. ඒ, ක‍්‍රීඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදීයි. ඡන්දය භාවිත කිරීම සඳහා පාපන්දු සම්මේලනයේ සාමාජික ලීග සංගම් 63ක් සුදුසුකම් ලබා සිටින අතර එහි මුලූ ඡන්ද එකතුව 189ක්. අද පැවැත්වෙන ඡන්දය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනයේ විශේෂ නියෝජිතයින් ද පැමිණීමට නියමිතව තිබෙනවා. ක‍්‍රිකට් සහ රග්බි නිලවරණයෙන් පසු වැඩිම අවධානයක් යොමුව ඇත්තේ පාපන්දු සම්මේලන නිලවරණයටයි. මෙවර පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය සඳහා තරග වදින්නේ හිටපු සභාපති රංජිත් රුද්‍රිගෝ සහ වත්මන් සභාපති අනුර ද සිල්වායි. ඔවුන් දෙදෙනා ඉකුත් දා විශේෂ මාධ්‍ය හමු කැඳවමින් මෙරට පාපන්දු ක‍්‍රීඩාව නගා සිටුවීමේ වැඩපිළිවෙල පිළිබඳ කරුණු දැක්වූවා. පසුබෑමට ලක්ව ඇති මෙරට පාපන්දු ක‍්‍රීඩාවට වෘත්තීය වටිනාකමක් එක්කිරීම පිළිබඳවද මෙහිදී අදහස් පල වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

අරගලයේ ජනපති, අරගලයේ ගී රැජින ලගටම ගොස් ජනාධිපති සම්මාන පුදයි..

Shiran Viraj

ඉදිරි දිනවල ඩීීසල් ඉල්ලුම සපයන්න බෑ…- සිපෙට්කෝ සභාපති

Shiran Viraj

2048දී ආර්ථිකය ගොඩදාන්න ජනාධිපතිට හා අපට සැළසුමක් තිබෙනවා…

Shiran Viraj