mediahumanrights.lk
NewsPolitical

නිපුණතා සංවර්ධන ඇමැති ජපන් සංචාරයක

ජපාන ශ‍්‍රම වෙළඳපොළ තුළ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට අවස්ථාව ලබාගැනීමේ අරමුණ ඇතිව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි හා විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය ජපානය බලා පිටත් ව ගොස් ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම සංචාරය අතරතුර ජපාන කම්කරු ඇමතිවරයා ඇතුළු රාජතාන්ත‍්‍රිකයන් කිහිපදෙනෙකු හමුවීම, වෘත්තීය පුහුණු ආයතන කීපයක්ද, කර්මාන්තශාලා කීපයක්ද නැරඹීමට ද නියමිතය.
ජපාන ශ‍්‍රම වෙළඳපොලේ අවශ්‍යතාවය අනුව අප රටේ තරුණ තරුණියන් හට ලබාදෙන වෘත්තීය පුහුණුව නවීකරණය කිරීම, ශ‍්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව ඉහළ නැංවීම සඳහා ජපාන සහයෝගය ලබාගැනීම වැනි අරමුණු සඳහා මෙම සංචාරය සිදු කිරීමේ අරමුණයි.
(under the courtesy of nethfm news web)

Related posts

ජනවාරියේ සිට වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළට

Shiran Viraj

හබරණ මාරක රිය අනතුරක්

Shiran Viraj

ජපානයට විපත් ගෙනා හයිෂෙන් සුළි කුණාටුව දකුණු කොරියාවට කඩා වදි

Shiran Viraj
Translate »