27 C
Colombo
2024-07-07
mediahumanrights.lk
News Political

තව දුරටත් ආණ්ඩුවේ ඉන්නවාද? නැද්ද? – නිදහස් පක්ෂ ඇමතිවරු සහ මන්ත්‍රිවරු එකඟතාවයකට එයි

තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවට සම්බන්ධ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු පිරිසක් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
දැනටමත් ඔවුන් මූලික වටයේ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
පළවන වාර්තා සම්බන්ධයෙන් නෙත් නිවුස් ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාගෙන් විමසා සිටියා.
එහිදී ඔහු සඳහන් කළේ “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ගත් තීරණයක් මත තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු සහ ඇමතිවරු වසර දෙකක් ජාතික ආණ්ඩුවක් තුළ කටයුතු කරනවා කියලා එකඟතාවයකට ආවේ.   දැන්.. සැප්තැම්බර් වෙනකොට ඒ කාලය අවසන් වෙනවා. ඉතින් පසුගිය දවස් කිහිපයක සිට විවිධ සාකච්ඡා පවතිනවා ආණ්ඩුවෙන් යනවද? තවදුරටත් ඉන්නවාද? නැතිනම් ගන්නා වෙනත් තීරණ මොනවාද? කියලා. හැබැයි තාම අවසන් තීරණයක් අරන් නැහැ.. ඔය ගැන තමයි රාවයක් තියෙන්නේ.. ආණ්ඩුවෙන් 18 ක් යනවා කියලා..” යනුවෙනි.
කිසියම් අයුරකින් ආණ්ඩුව සමග තවදුරටත් කටයුතු කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා නිශ්චිත කරුණු ඉදිරිපත් කළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. එසේ නොමැතිව තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීමෙන් ඵලක් නොවන බවයි අවධාරණය කෙරුණේ.
ආණ්ඩුවේ වර්තමාන ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවට එක්විය යුතුයි යන්න සඳහා ගෙන ආ යෝජනාවලියක් ඇති බවත් ඒ යෝජනාවලින් පසුගිය වසර දෙකක කාලය තුළ ඉටු කළා වූ කරුණු පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් සඳහන් කළා. කෙසේවෙතත් වර්තමානයේ ආණ්ඩුවේ පවතින අසාර්ථකත්වය තුළ තවදුරටත් කණ්ඩායමක් ලෙස සිටීමෙන් තේරුමක් නැතැයි යන්න පිරිසගේ මතය වුවත් තමන් ඇතුළු පිරිස ගන්නා අවසන් තීරණය බහුතරයකගේ කැමැත්ත අනුව ගන්නා බවට ඒකමතිකව එකඟතාවයකට පැමිණ ඇති බවත් පෙන්වා දුන්නා.
අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර හොබවන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු 18 දෙනෙකු පමණ ආණ්ඩුවෙන් ඉවත් වනු ඇති බවට ඉකුත්දා මාධ්‍ය වාර්තා පළ වී තිබුණා.
ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් පසු ස්වාධීන මන්ත‍්‍රීවරු පිරිසක් ලෙස ඔවුන් පාර්ලිමේන්තුවේ පෙනී සිටීමට නියමිත බවයි එම වාර්තාවල දැක්වුණේ.
මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකු පමණ ඉකුත් සිකුරාදා පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ඇති බවද නෙත් නිවුස් පළමු වරට අනාවරණ කළා.
(under the courtesy of nethfm news web)

Related posts

බස් රථයක් අනතුරට ලක්වීමෙන් 36ක් රෝහලේ

Shiran Viraj

SAS seasonal summer 2018 routes – 5 new destination & 27 new non-stop routes

Shiran Viraj

තොන්ඩමන් ඉල්ලා අස්වීමේ ලිපියක් ජනපතිට යවයි

Shiran Viraj