mediahumanrights.lk
International NewsNews

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ වීඩියෝවක් සමාජ ජාල කළඹයි -VIDEO

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සම්බන්ධ තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
එය පළමුව ට්වීටර් සමාජ ජාල මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ ද ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින්ම වීමද විශේෂත්වයක්.
රෙස්ලින් තරගයක් අතරතුර වූ සිද්ධියක් ඊට ඇතුළත්.
එහි දැක්වෙන්නේ හදිසියේ පැමිණෙන ඩොනල්ඞ් ට‍්‍රම්ප් එහි සිටින පුද්ගලයෙකුට පහරදෙන ආකාරයයි. එම පුද්ගලයාගේ මුහුණට සී. එන්. එන්. මාධ්‍ය ජාලයේ නිල මුද්‍රාව ඇතුළත් කර මෙම වීඩියෝව සකස් කර තිබුණා.
වීඩියෝව අන්තර්ජාලයට මුදා හරිමින් ට‍්‍රම්ප් පවසා ඇත්තේ සී. එන්. එන්. මාධ්‍ය ජාලය ජනතාව රවටන ප‍්‍රවෘත්ති පළ කරන බවයි.
ඩොනල්ඞ් ට‍්‍රම්ප් 2007 වසරේ පැවති ලෝක රෙස්ලින් ශූරතාවලියට සහභාගී වූ අතර එහිදී පුද්ගලයෙකුට පහරදීම ලොව පුරා කතා බහට ලක්වූ සිද්ධියක්.
මේ වනවිට අන්තර්ජාලයට එක්කර ඇත්තේ එම වීඩියෝව නැවත ප‍්‍රතිනිර්මාණය කරමින්.
(under the courtesy of nethfm news web)

Related posts

මහින්දගේ විජේරාම නිල නිවසේ කොටසක වතුර කපයි…

Shiran Viraj

රනිල්ට නඩු දමයි..

Shiran Viraj

Corona : ඇමරිකාච දිනකට රෝගීන් 10000 පන්නයි… ඕස්ට්‍රේලියාව එංගලන්තය දිනකට 1000 කට ලගයි.. ලෝකෙටම රතු එළියක්..

Shiran Viraj
Translate »