mediahumanrights.lk
News Political

කසල විදුලියට හැරවේ! කොළඹ කසල කඳු අවසන්! හමුදාව කුණු ඇදීමෙන් ඉවතට!

කොළඹ නගරයේ එකතු වන කසල, කඳු ලෙස ගොඩගැසීම මේ වනවිට නවතා දමා ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. කසල එකතු කිරීමට හමුදා සාමාජිකයින් යොදවා ගැනීම ද මේ වනවිට සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
කසලවලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට ද මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙහිදී කියා සිටියේ.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළ කළේ බදුල්ලේ ඊයේ පැවති උත්සවයකදීයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ඉතාම හොඳ පරිසර පද්ධතියක් මේ බදුල්ල ප‍්‍රදේශයේ තියෙන්නේ. නමුත් වතු වැවිල්ලත්, ගස් කැපිල්ලත් හේතුවෙන් ලොකු අනතුරකට ලක්වීමට නියමිතයි. ගෝලීය උණුසුම වැඩිවීම සමග මේ ප‍්‍රදේශයේ ජල හිඟය උග‍්‍ර වෙනවා. එමෙන්ම වර්ෂාව මිලිමීටර් 500ට එහා වැඩි වැඩිවුවහොත් විශාල නාය යෑම් සිදුවේවි. කඳුකරයේ ගෙවල් පසුගිය සමයේ දෙමළ ජනතාවගේ සොහොන් බවට පත්වුණා. එමනිසා නිවාස ඉදිකිරීමේදී නගර නිර්මාණයේදී මේ පරිසරය ආරක්‍ෂාවෙන විදිහට කටයුතු කළ යුතුයි. එහිදී කසළ කළමනාකරණය ද විධිමත්ව සිදුවිය විය යුතුයි.
මේ සෑම කටයුත්තක්ම ආණ්ඩුවට තනියම කරන්න බෑ. කසළ සම්පතක් කර ගතු යුතුයි. විධිමත්ව පසුගිය ජූලි 05 වැනිදා ජනාධිපතිතුමා මේ වගකීම අපට භාර දුන්නා. අපි එය වගකීමක් ඇතුව භාරගත්තා. හමුදාව පොලීසිය දාලා නොවෙයි අපි මේ කසළ කළමනාකරණය විධිමත් කළේ. දවස් තුනෙන් කොළඹ නගරයේ සෑම කුණු කන්දක්ම ඉවත් කළා. පත්තරවල, රූපවාහිනීවල විනාඩි ගණන් පැය ගණන් පිටු ගණන් කසළ කඳු ගැන දාපු අය කසළ ඉවත් කිරීම ගැන ලිව්වෙ නෑ. කාටූන් ඇඳපු අයට කුණු අයින් කිරීම ගැන අඳින්න හිත දුන්නේ නෑ. මොකද අපිට ලකුණු වැටෙයි කියලා. අපිට ලකුණු  ඕනේ නෑ. ඩෙංගු රෝගයෙන් පීඩා විඳින ජනතාවටයි එම ලකුණු වැටුණේ.
රටේම කසළ කළමනාකරණය සඳහා අවසාන නැවතුම් ස්ථානයක් පුත්තලමේ අරුවක්කාලූවේ සැලසුම් කරනවා. විපක්‍ෂ දේශපාලඥයන්ගෙන් ඉල්ලා සිටිනවා බෝඩ් ලෑලි දේශපාලනය එපා. ගෙදරින් ආරම්භ කරමු කසළ කළමනාකරණය, ඩෙංගු පිළිබඳ සටන. එමෙන්ම අපි බදුල්ලේ දේශපාලන  නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා කසළ විධිමත් ලෙස අපහරණය කිරීම සඳහා විධිමත් ස්ථානයක් අපට ලබාදෙන්න අපි වසර 100 කට සරිලන පරිදි සනීපාක්‍ෂක කසළ රඳවනයක් ඉදිකර දෙන්නම්. මහජනයාගෙන් ඉල්ලා සිටිනවා විරෝධය දක්වන්න එපා. අතීතයේ විධිමත් කසල රඳවනයන්ට විරුද්ධ වූ අය, අද එය රැකගන්න පෙළපාලි යනවා. අපි තුවක්කු පෙන්නලා හමුදාව දාලා  කසළ කඳු වහන්න කටයුතු කළේ නෑ. අපි මේ ගැටළුව විසඳුවේ ජනතාව අතරම සිටිමින්.
සෑම ගැටළුවක්ම ක‍්‍රමිකව විසඳන විට, තැන් තැන්වල චෝදනා කරනවා ආණ්ඩුව බල්ලො මරනවා, හරක් මරනවා ආදී අසත්‍ය චෝදනා කරනවා. එදා අයිෆා තියෙන කාලෙ නම් බල්ලො මැරුවා. අපි එවැනි ක්‍රියාදාමවලට යන්නේ නෑ. සුනඛයෝ, ගවයෝ ගැන අනුකම්පාවෙන් කතාකරන අයට කියනවා පාරවල්වල පොලිතීන් කකා ඉන්න අසරණ සතුන්ගේ ජීවිත රැකගන්න ඉදිරිපත් වෙන්න කියලා. ෆේස්බුක් එකේ, මාධ්‍යයේ සත්ත්ව අවිහිංසාවාදීන් ලෙස රඟපාන්නේ නැතුව අවංකව එම සතුන් වෙනුවෙන් පෙනී සිට පළාත් පාලන ආයතන ගෙනයන වැඩපිළිවෙලට සහාය දක්වන්න කියා.
(under the courtesy of nethfm news web)

Related posts

භූමදානය කළ යුතුමයි කියමින් මහනුවර කොරෝනා මළසිරුර රෝහලේ දමා ඥාතීහු පිටව යති

Shiran Viraj

අලි අල්ලන මෙහෙයුම අතහැරිය නියෝජ්‍ය ඇමති අලි බලාගන්න ගිහින් (PHOTOS)

Shiran Viraj

ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ

Shiran Viraj