mediahumanrights.lk
Local NewsNews

"සයිටම් එපා නම් රජයේ රෝහල් තුළ OT කරන්න"

සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට ලබා දෙන සායනික පුහුණුවේ යම් ගැටලුවක් ඇත්නම් ඊට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මෙන්ම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවද වගකිව යුතු බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා.
යටිනුවර ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ සයිටම් සිසුන්ට සායනික පුහුණුව ලබා දීමට එරෙහි වූ වෛද්‍යවරුන්ට විනයානුකූල පියවර ගත යුතු බවයි.
පුද්ගලික චැනල් සේවාවලට සහභාගී නොවී අමතර කාලයක් රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ට අවශ්‍යනම් අතිකාල දීමනා හෝ ගෙවිය හැකි බවයි අමාත්‍යවරයා මෙහීදී වැඩිදුරටත් කියා සිටියේ.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ “පෞද්ගලික වෛද්‍ය කඩේට විරුද්ධ වෙන අය ඇයි මේ චැනල් කඩවලට විරුද්ධ නොවන්නේ. එහෙකම් වෛද්‍යවරුන්ට කියන්න පුළුවන්..අපි පෞද්ගලික තැන්වල හිතූ හිතූ ගණන් අයකරන්නේ නැහැ.. ඒ තැන්වලට එන්නෙත් නැහැ.. හවසට අපි රජයේ රෝහල්වලම අතිරේක කාලයක් සේවය කරනවා…කියලා. එතකොට රජයට පුළුවන් අතිකාල ගෙවන්න වෛද්‍යවරුන්ට. සති අන්තයේදීත් වෛද්‍යවරුන්ට මේ විදිහට වැඩ කරන්න පුළුවන්…හැබැයි දොස්තරලා කවදාවත් එහෙම කියන්නේ නැහැ..” යනුවෙනි
(under the courtesy of nethfm news web)

Related posts

මංතීරු නීතියේ තවත් ක‍්‍රමවේදයක් අද සිට අත්හදා බලයි

Shiran Viraj

රිලවු අල්ලන ව්‍යාපෘතිය සාර්තකයි..

Shiran Viraj

ලංකාවට පැරදුණු සිම්බාබ්වේ කී‍්‍රඩකයන්ගේ වැටුප් කපාහරී

Shiran Viraj
Translate »