22.8 C
Colombo
2026-03-03
mediahumanrights.lk
NewsPolitical

ශ්‍රීලනිපයේ නියෝජ්‍ය ඇමතිවරු 8 ක් මහින්ද සමග රහස් සාකච්ඡාවක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරුන් අට දෙනෙකු ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබෙනවා.
එහිදී එම නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉදිරි දේශපාලන තීරණ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
එළඹෙන අගෝස්තු මාසයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවති අවබෝධතා ගිවිසුම අවසන් වනවා.
ඉන් අනතුරුව ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 18 දෙනෙකු සූදානමින් සිටින බවට ඉකුත්දා වාර්තා පළ වුණා.
ඊයේ හිටපු ජනාධිපතිවරයා මුණගැසී ඇත්තේ එලෙස ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානමින් සිටින නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
(under the courtesy of nethfm news web)

Related posts

ලුණු කිලෝවකට රුපියල් 40ක බද්දක්…

Shiran Viraj

අවුරුද්ද නිවාඩු නෑ කියා පොලිස් පොඞ්ඩන්ගෙන් චෝදනා

Shiran Viraj

වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලයට

Shiran Viraj
Translate »