23 C
Colombo
2026-01-22
mediahumanrights.lk
Local NewsNews

මහජනයා පීවාඩට පත්වෙන තවත් දැවැන්ත වර්ජනයක් සූදානම් වෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.
විදුලිබල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව අද (28) පෙරවරුවේ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වුයේ ඒ අනුවයි.
පසුව ඔවුන් විරෝධතා පා ගමනකින් විහාර මහාදේවි එළිමහන් රංග පීඨය වෙත පැමිණීමටයි සැළසුම් කර තිබුණේ.
ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් සඳහන් කළේ සිය සේවකයින්ගේ ගැටලුවලට විසඳුම් නොදුන් පාලකයන්ට එරෙහිව අඛණ්ඩ වැඩවර්ජනයක් සඳහා යොමු වීමට සූදානමින් සිටින බවයි.
ඒ අනුව අද පැවැත්වෙන ජාතික මහා සමුළුවේදී මෙම යෝජනාව සම්මත කර ගැනීමට නියමිත බවද පැවසුවා.
(under the courtesy of nethfm news web)

Related posts

රසට නොදෙවනි විශ්මිත ගුණ දෙන බෙලි

Shiran Viraj

නාඩුකුඩාවෙන් ආයුධ තොගයක් මතුවෙයි

Shiran Viraj

විශ්‍රාමික පොලිස් ලොක්කෙක් නීති විරෝධීව පාරිභෝගික අධිකාරියේ වැටලීම්වලට පත් කරලා..

Shiran Viraj
Translate »