mediahumanrights.lk
Local NewsNews

නවක වධය ලබාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් සිසුන් තුන් දෙනෙකු ඇප

නවක වධය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසුන් තුන් දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබෙනවා.
ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
මෙය නවක වධය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් මොවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි සිසුන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කළ කුරුඳුවත්ත පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.
සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එහිදී අධිකරණයට දන්වනු ලැබුයේ ශිෂ්‍යයින් මර්දනය කිරීමේ අරමුණින් පොලිසිය මෙම සිසුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට උත්සහ දරන බවයි.
කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකාර සිසුන් තිදෙනා රුපියල් පනස් දහස බැගින් වූ පෞද්ගලික ඇප මත මුදා හැරීමට නියෝග කළා.
නඩුව ජූලි මස 11 වනදා යළි කැඳවීමට නියමිතයි.

(under the courtesy of nethfm news web)

Related posts

ශ‍්‍රී ලංකාවේ විසීම ගෞරවයක්.. කොරෝනාවෙන් පීඩිත අපට දැක්වූ සහයට ස්තුතියි..- චීනය ශ‍්‍රී ලංකාවට කියයි..

Shiran Viraj

ෆයිසර් දකුණු ආසියාවේ මුලින්ම ගත්තේ ශ්‍රී ලංකාවයි..- රජය :: මාර්තු 25 මාලදිවයිනට දුන්නා- යුනිසෙෆ්

Shiran Viraj

ප්‍රදේශ කිහිපයකට පැනවූ ඇඳිරි නීතිය පිළිබඳව පොලීසිය ගත් තීරණය

Shiran Viraj
Translate »