mediahumanrights.lk
Local NewsNews

තාරකා ඉබ්බන් 2089 ක් සමඟ 2ක් මාට්ටු

ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබු තාරකා ඉබ්බන් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් කල්පිටිය ඉප්පන්තිව් සහ අරිච්චාල් අතර මුහුදු ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.
ඩිංගි යාත්‍රාවක් මඟින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබු ජීවි තාරකා ඉබ්බන් 2089ක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදා භාරයට ගැණුනු තාරකා ඉබ්බන්, ඩිංගි යාත්‍රා ඇතුළු ආම්පන්න සහ සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා සින්නපාඩු රේගු නිලධාරී කාර්යාලය වෙත භාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

කෝටිපති ව්‍යාපාරික 'Kids World'හි අධිපති රංග සංජීව ලිපියක් ලියා දිවිනසා ගනී – ඡායාරූප සහිතයි

Shiran Viraj

මහනුවර පලමු කොරෝනා මරණය සිදුවේ.. රෝහල්ගත කිරීමට පෙරම මිය ගිහින්..

Shiran Viraj

ඉන්දු පාකිස්තාන අවසන් මහ තරගය ආරම්භයටත් පෙරම ඉතිහාසගත වෙයි

Shiran Viraj
Translate »