mediahumanrights.lk
Local NewsNewsPolitical

ජෝන්ගේ තර්ජනය මංගල ළඟට ගෙනියයි

පරිසර ආරක්ෂණය වෙනුවෙන් හඬ නගන මාධ්‍යවෙදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි සදාහරිත පරිසර සංගමය ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගෙන් ඉල්ලීමක් කරනවා.
එහි සභාපති බී.අයි. ආබ්දීන් ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත්තේ අමාත්‍ය ජෝන් අමරතුංගගේ හැසිරීම සමස්ථ මාධ්‍යවේදීන්ටම තර්ජනයක් බවයි.
මුතුරාජවෙල ප‍්‍රදේශයට කසළ බැහැර කිරීමෙන් ඇතිවන පාරිසරික අර්බුද පිළිබඳ කළ විමසීමකදී අමාත්‍යවරයා මාධ්‍යවේදියෙකුට පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනය කර තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කළ යුතු බවයි බී.අයි. ආබ්දීන් සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.
මේ අතර අමාත්‍ය ජෝන් අමරතුංගගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ ද අදහස් දැක්වූවා.
එහිදී ඔහු සඳහන් කළේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකි වූවාට පසු මාධ්‍යවේදීන්ට බැණ තර්ජනය කිරීම යහපාලන ආණ්ඩුවේ ස්වරූපය නොවිය යුතු බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

මියගිය යාචකයාගේ බෑගයේ තිබුණු දෙයින් රෝහල් කාර්යමණ්ඩලය පුදුම වෙයි

Shiran Viraj

අකුණුසැර වැදී මරු දකියි

Shiran Viraj

මාස තුනකින් රනිල්ගේ වැල් පාලම කඩා වැටෙනවා.. දරුවා බේරගන්න සුපර්මෑන් සජිත් එනවා..

Shiran Viraj
Translate »