mediahumanrights.lk
International NewsNews

ගූගල් සමාගමට ලොකු දඩයක්

ගූගල් සමාගමට යුරෝ බිලියන 2.7 ක දඩ මුදලක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම දඩ මුදල නියම කර තිබෙන්නේ යුරෝපීය කොමිසම විසින් වන අතර එම කොමිසම විසින් සමාගමකට නියම කළ විශාලම දඩ මුදල මෙය බව වාර්තා වේ.
නීති විරෝධී ලෙස සිය අලෙවි සේවා ප්‍රචාරණය කිරීම හේතුවෙන් ගූගල් සමාගමට මෙම දඩය නියම වී තිබේ.
මෙම වරද නිවැරදි කරගැනීම සඳහා ගූගල් සමාගමට යුරෝපීය කොමිසම විසින් දින 90 ක කාලයක් ලබාදී තිබුණද එය නිවැරදි ආකාරයෙන් සිදු නොවීම නිසා යුරෝපීය කොමිසම මෙම තීරණය ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
(under the courtesy of srilankamirror news web)

Related posts

2018 අය වැය ට අනුව ලබන වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 675ක්

Shiran Viraj

මරදාන ශාන්ත ජෝසප් විදුහලේ ගින්නක්…

Shiran Viraj

ප්‍රබල පාතාලයන් හතරක් පිටරටදී අල්ලයි..

Shiran Viraj
Translate »