mediahumanrights.lk
Local NewsNews

ගයන්තගේ නමින් කෙසෙල් ගෙඩි බෙදූ තරුණයා CIDයට එයි

ආපදා සමයේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් කෙසෙල් ගෙඩි බෙදූ බවට සමාජජාල මාධ්‍ය වෙත ඡායාරූප මුදාහැරි බව කියන තරුණයා අපරාධ පරීක‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
එහිදී ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සදහන් කළේ.
එහිදි මෙම සැකකරු ප්‍රකාශ කර ඇත්තේ අදාළ ඡායාරූප පළමුව සමාජජාල මාධ්‍ය වෙත මුදාහැරියේ තමන් නොවන බවයි.
තමා සිදුකළේ තමාට ලැබුණු ඡායාරූප ෆේස්බුක් වෙත මුදාහැරීම පමණක් බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක‍ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව පරීක‍ෂණ ආරම්භ කෙරුණා.
ඒ අනුව අදාළ සැකකරු මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ලබන 28 වනදා දහවල් 12 න් පසු අපරාධ පරීක‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බවයි.
එහෙත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ එකසිය නවය, හය වගන්තියට අනුව සැකකරු අපරාධ පරීක‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවීමටයි පියවර ගෙන තිබුණේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සදහා සැකකරුට හෙට දිනයේ අපරාධ පරීක‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

නව කැබිනට්ටුව සූදානම්.. අගමැති මහින්දමයි.. අන්තර්වාර, සභාග යොජනා ඉවතට..

Shiran Viraj

දහම් පාසැල් වලට නිවාඩු ලබාදෙයි

Shiran Viraj

බස්නාහිර සිරවූ විශාල පිරිසක් වතුකරයට… සියළු දෙනා නිරෝධානයට..

Shiran Viraj
Translate »