2026-01-14
mediahumanrights.lk
Local NewsNews

කොළඹ මහනගර සභාවට ජනතාවගෙන් චෝදනා

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල එක් රැස්වන කැළි කසල මෙතෙක් නිසි පරිදි ඉවත් කිරීමක් දක්නට නොලැඛෙන බවට ජනතාව චෝදනා කරනවා.
ඩෙංගු ව්‍යප්තියට වැඩි වශයෙන් බලපා ඇත්තේ එම තත්ත්වය බවයි ඔවුන් පවසන්නේ.
එහෙත් කොළඹ මහනගර සභාව සඳහන් කරන්නේ ජනතාව නිසි පරිදි කසල වර්ගීකරණය කර බැහැර නොකිරීම හේතුවෙන් ගැටළුව තවත් වර්ධනය වී ඇති බවයි.
කොළඹ නගරයේ එක් රැස්වී ඇති කැළි කසල හා අපද්‍රව්‍ය හැකි ඉක්මණින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද කොළඹ නාගරික කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දී තිඛෙනවා.
ඒ අග්‍රාමාත්‍යවරයා කොළඹ නගරයේ කැළි කසල ගොඩ ගැසී ඇති ස්ථාන කිහිපයක සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවයි.
අද දිනයේ ද කැලි කසල ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි කොළඹ මහනගර සභාව කියා සිටියේ.
(under the courtesy of nethfm news web)

Related posts

ශ‍්‍රීලනිපය පොහොට්ටුවෙන් වෙන්වෙන්න තීරණය කරයි.. යෝජනාව සම්මතයි…

Shiran Viraj

පැවති පාර්ලිමේන්තුව කැදවීමට මං කැමති නෑ.. ජනතාවත් කැමති නෑ..- සුජීව

Shiran Viraj

ජාලිය වික්‍රමසූරියට රට යන්න අවසරයි

Shiran Viraj
Translate »