mediahumanrights.lk
NewsSportsSports News

ඉන්දු පාකිස්තාන අවසන් මහ තරගය ආරම්භයටත් පෙරම ඉතිහාසගත වෙයි

අයි සී සී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවැත්වෙන ඉන්දු පකිස්තාන අවසන් මහා තරගය මේ වනවිට ද ඉතිහාසයට එක් වී තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල පැවසුවේ ක්‍රිකට් තරග ඉතිහාසයේ ලොව වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් නැරඹූ තුන්වන තරගය මෙය වනු ඇති බවයි.
ක්‍රිකට් කවුන්සිලයේ ඇස්තමේන්තුවලට අනූව අද පැවැත්වෙන අවසන් මහා තරගය ලොව පුරා මිලියන 324ක පිරිසක් නරඹනු ඇති බවටයි පැවසෙන්නේ.
ලෝකයේ වැඩිම පිරිසක් නැරඹූ බවට පැවසෙන තරගය වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2011 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයයි.
එය නරඹා ඇති සංඛ්‍යාව මිලියන පන්සිය පනස් අටක්.
දෙවන ස්ථානය එම වසරේම ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවති ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට හිමිව තිඛෙනවා.
එය නරඹා ඇති සංඛ්‍යාව මිලියන 495ක්.
(under the courtesy of nethfm news web)

Related posts

ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි

Shiran Viraj

‘රටක් එක නීතියක්’ ප‍්‍රධානී ඥාණසාර හිමි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට රට අමතයි..

Shiran Viraj

බිල්පත් මුද‍්‍රණයට කඩදසි නෑ.. ජල බිල්පත් SMS මගින්…

Shiran Viraj
Translate »