mediahumanrights.lk
Local NewsNewsPolitical

ආණ්ඩුව පෝය දිනයන්හි පවා තැබෑරුම් විවෘත කිරීමේ උත්සාහයක – මහින්ද රාජපක්ෂ

වත්මන් ආණ්ඩුව පෝය දිනයන්හි පවා තැබෑරුම් විවෘත කිරීමේ උත්සාහයක නිරත වන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගල පැවති කිරි ගොවි හමුවකට එක්වෙමින්.
මෙම කිරි ගොවි හමුවට එක්වූ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ එහිදී පැරණි ජන කතාවක්ද සිහිපත් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා.
“දෙන්නෙක් ඔරුවක නැගලා යනකොට සැඩ පහරකට හසුවුණා.එක්කෙනෙක් හාමුදුරුවනේ පඬුරක් බැන්දලු මම මේ පඬුර පූජා කරනවාය බේරගෙන ජීවිතේ එගොඩට ගියොත්. එතකොට අනිත් එක්කෙනා කිව්වලු මම මිලියන 10 ක් දෙනවා, මල්වට්ටි ලක්ෂයක් මම පූජා කරනවා කියලා. එතකොට ඇහුවාලු අනිත් එක්කෙනා කොහොමද කරන්නේ උඹට බැහැනේ. එගොඩ වෙනකම් පමණයි බංග ඉතින් ඒවගේ තමයි එගොඩ වෙනකම් ඔක්කොම දෙනවාග දැන් ඡන්දේ දුන්න කට්ටියව අමතක කරලා, දැන් මේ අයට තියෙන ප්‍රශ්නේ මේ ආර්ථිකය හදන්න ඕනනම් පෝය දවසට අරක්කු විකුණන්න ඕනග මේ තමයි අලුත්ම තත්ත්වේ. ජනතාවට කිරි ටික දෙන්න බැරි ආණ්ඩුව ජනතාවට කොහොමහරි අරක්කු ටික දෙන්න තීන්දු කරලා ඉවරයි. කතා කරන්නේ අම්මේ මෙහෙම සුදනෝ ටිකක් කවදාවත් නෑ මගේ ආණ්ඩුවේ ඇමතිකමක් කොරලම නෑ මේ කට්ටිය. වැඩියෙන්ම බණින එකා තමයි මගෙ ආණ්ඩුවේ වැඩියෙන්ම මම කියන්නේ නෑ. කිව්වයි කියලා හිතාගන්න. අපේ පැත්තේ හිටපු ප්‍රධාන ලේකම්තුමත් ගිහිල්ලා ඒ පැත්තට UNP ප්‍රතිපත්ති පිළිගැනීම තමයි මට තියෙන දුකග.අපි පරාජය වෙනවා දිනනවා UNP කාරයෙකුට නෙමෙයිනේ මම පැරදුණේ. මම පැරදුණේ ශ්‍රී ලංකා කාරයෙකුට. තව ඕවා කියන්න ගියොත් FCID  එකට මාව ගෙනියන එකක් නෑ දැන්ම අනිත් අය ඔක්කොම අරන් යයි. ඒ හින්දා ජොනී අපි වැඩිය නොකිය ඉමු.”
(under the courtesy of hirunews news web)

Related posts

සජිත්ට ලක්‍ෂ හැත්තෑව පැන්නා.. කොහෙන් නවතීදැයි සිතාගන්න බෑ..

Shiran Viraj

ග්වාතමාලාවේ භූ කම්පනයෙන් 3 ක් මරුට

Shiran Viraj

කටුනායක කලාපේ මහා ජන රාශියක්.. දහස් ගාණක් එකතැන පොදිකති.. බස් යොදා ගෙදර යවයි…

Shiran Viraj
Translate »