2026-01-29
mediahumanrights.lk
Local NewsNewsPolitical

අද රජයේ සමහර ඇමතිවරු "'බනානා චක්‍රවර්තීන්" වෙලා

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අසරණතාවයට ලක් වු ජනතාවට සහන සැලසීමේ දී රජයේ ඇතැම් ඇමතිවරු බනානා චක්‍රවර්තීන් ලෙස කෙසෙල් බෙදමින් සිටින බවත් අවශ්‍ය වන්නේ සැබෑ ලෙසම ජන ජිවිතයට ගොඩ නැඟීමට උදව් කිරීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පවසයි.
අද(05) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.
සුනාමි ඛේදවාචකයෙන් පසුව ඇති වු දරුණතම ස්වභාවික ව්‍යසන තත්ත්වය මෙය බවත් රජයේ සුදානමක් නොමැති වැඩපිළිවෙල හේතුවෙන් මෙය වඩාත් දරුණු වී ඇති බවත් පැවසු රංජිත් ද සොයිසා මහතා කියා සිටියේ සහන සැළසීමේ ක්‍රියාවලියට රජයේ චක්‍රලේඛන හරස් වු බවත් එය අභිබවා ගොස් ජනතාවට සහන ලබා දීමට රජයේ නිලධාරීන් බිය වී සිටි බවත් ය.
ඉදිරියේ දී වුවද මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ද කිසිදු වැඩපිළිවෙලක් රජයට නොමැති බවත් ආපදා තත්ත්වයෙන් විපතට පත් දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කර ගැනීම සඳහා ජනපති තුමාට ඉදිරිපත් වන ලෙස තමන් ඇතුළු ඒකාබද්ධය ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.
මේ අතර මෙම මාධ්‍ය හමුවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කියා සිටියේ තමන් ගංවතුරේ බැස ජනතාව වෙනුවෙන් ක්‍රියා කරන විටත් රජයේ ඇතැම් ඇමතිවරු කිසිදු බඩුවක් හෝ ලබා නොදී වාහන පෙළපාලීවල ගොස් ජනතාව කුපිත කළ බවයි.
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පමණක් ජනතාව වෙනුවෙන් මෙහෙවරක් ඉටු කළ බවද මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

ගංජා ප්‍රවාහනය කරද්දී මාට්ටු

Shiran Viraj

උතුරුමැද පළාත් සභාව 2019 දක්වා යයි ලු

Shiran Viraj

හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට ලක් වූ තරුණියක් මරුට

Shiran Viraj
Translate »