mediahumanrights.lk
International NewsNews

ෆ්ලොරිඩාහි සිදුවු වෙඩි තැබීමෙන් පුද්ගලයින් 5 ක් මරුට

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ෆ්ලෝරිඩාහි, ඕලන්ඩෝහි සේවා ස්ථානයකදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ සේවා ස්ථානයේ සේවකයෙකු වන ජෝන් රොබට් නමැති 45 හැවිරිදි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර තිබේ.
වෙඩි තැබීමෙන් අනතුරුව ඔහු ද වෙඩි තබාගනිමින් සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත් අදාළ පුද්ගලයා ත්‍රස්ත සංවිධානයකට අයත් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

අභියෝග මැද එළඹි නව වසර ශී‍්‍ර ලාංකිකයනුත් උණුසුම්ව පිළිගනී

Shiran Viraj

මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයේ හත්වෙනියාත් අත්අඩංගුවට

Shiran Viraj

“දවල්ට වැඩිපුර වතුර බොන්න” වෛද්‍යවරුන් උපදෙස් දෙයි

Shiran Viraj
Translate »