mediahumanrights.lk
Local NewsNews

හීලෑ අලි ඇතුන් දෙන්න අයදුම්පත් කැඳවයි

අලි ඇතුන් බලා ගන්නන් පුහුණු කිරීම සඳහා නව මධ්‍යස්ථානයක් පිහිටුවන බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ පෙරහැර සඳහා අලි ඇතුන් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම වෙනුවෙන් පින්නවල ඊයේ (24) පැවති උත්සවයකදීයි.
හීලෑ අලි ඇතුන් ලබාදීම මින් ඉදිරියට විධිමත් පටිපාටියක් යටතේ සිදු කරන බවද අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මෙහිදී කියා සිටියා.
ඒ අනුව හීලෑ අලි ඇතුන් ලබා ගැනීමට අපේක්ෂා කරන තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ ද පවත්වන බවයි ඔහු කියා සිටියේ.
(under the courtesy of nethfm news web)

Related posts

ETI අක්‍රමිකතා ගැන හොයන ජනපති කොමිසමේ කාලය දිගු කරයි

Shiran Viraj

කන්න නෑ කියා පැන්න ශ‍්‍රී ලංකික සරණාගතයන් 19ක් ඉන්දියාවේදී අල්ලාගනී..

Shiran Viraj

මරාගෙන මැරුණෙත් අපේ හොඳ උගත් මුස්ලිම් දරුවෝ – නිළි දීපානි සිල්වා කියයි

Shiran Viraj
Translate »