2026-01-29
mediahumanrights.lk
NewsSportsSports News

සංගාගෙන් යළිත් වාර්තාවක්

ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර වෘත්තීය ක්‍රිකට් තරග තුළ ශතක සියයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට ඊයේ (13) සමත් වුණා.
ඒ, රෝයල් ලන්ඩන් එක්දින ක්‍රීකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගයකදී යෝක්ෂය කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කරමින්.
සරේ කණ්ඩායම නියෝජනය කළ කුමාර් සංගක්කාර මෙම තරගයේදී ලකුණු 121 ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
සංගක්කාර පළමු පෙළ තරගවලදි ශතක 61 ක් වාර්තා කර ඇති අතර ඒ කාණ්ඩයේ තරගවලදි ශතක 39 ක් වාර්තා කර තිබෙනවා.
මීට පෙර මෙවැනි දක‍ෂතාවක් දක්වා ඇත්තේ ක්‍රීඩකයන් දෙදෙනෙකු පමණයි.
එහි ප්‍රමුඛයා වන ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් වෘත්තීය තරගවලදි ශතක 142ක් රැස්කර ඇති අතර සහීර් අබ්බාස් ශතක 127 ක් රැස්කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

බුද්ධි අංශ ඉහලම තැන්වලට මාලිමාවෙන් පත්කිරීම්…

Shiran Viraj

වී සහතික මිල වෙනුවට රජයෙන් අවම මිලක් පමණයි.. මෝල් හිමියන් කිලෝව 150ට වී මිලට ගනිති..

Shiran Viraj

“කෝවිඩ් අවදානම ගැන අපි කළින් ඉඳන් කිව්වා – අපේ උපදෙස් බොහෝ දෙනා අමතක කළා” – වෛද්‍ය නවීන් ද සොයිසා (Video)

Shiran Viraj
Translate »