mediahumanrights.lk
NewsSportsSports News

ශූරයින්ගේ කුසලානය තුරුලුකරන් පාකිස්ථාන නායකයා කියපු කතාව

අයි.සී.සී. ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව පාකිස්ථානය ඊයේ දිනා ගත්තේ ඉන්දියාව ලකුණු 180කින් පරාජය කරමින්.
පකිස්ථාන කණ්ඩායම අයි.සී.සී චැම්පියන්ස් කුසලානයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය වන අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ජයග්‍රහණයත් සමග පකිස්ථාන ක්‍රීඩාලෝලීන් උද්දාමයට පත්ව ඇති බවයි.
ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයෙදි ඊයේ පැවති අවසන් මහා තරඟය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පකිස්ථාන කණ්ඩායම තමන් නවාතැන්ගෙන සිටින හෝටලය වෙත පැමිණි අවස්ථාව විශේෂ එක්ක වුණා.
එහිදී පකිස්ථාන කණ්ඩායමේ ක්‍රීඩකයන් සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් තම අදහස් පල කර සිටියා.
පකිස්ථාන කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් පවසා සිටියේ සිය ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දැක්වූ සියලු දෙනාට ස්තූතිවන්ත වන බවත් පකිස්ථානයට ජය වේවා යනුවෙන්.
එම අවස්ථාව පහතින්.
(under the courtesy of hirunews news web)

Related posts

ජල සම්පාදන මණ්ඩලයේ පඩි ගෙවන්නත් සල්ලි නෑ..

Shiran Viraj

සභාපතිවරයෙක් ඉල්ලා අස්වේ….

Shiran Viraj

ඉරිදා කැළණිවැලියේ කිසිම දුම්රිය ධාවනයක් නෑ

Shiran Viraj
Translate »