mediahumanrights.lk
Local NewsNews

වැරදි පාරේ ගිය 4765ක් දවස් 04කදී අල්ලයි

දින 04ක් ඇතුළත මංතීරු නීතිය කඩ කළ රියදුරන් හාරදහස් හත්සිය හැට පස් දෙනෙකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව පොලිස් මූලස්ථානය පවසනවා. කොළඹ නගරය තුළ සහ කොළඹ නගරයට පිවිසෙන ප‍්‍රධාන මාර්ගයන්හි ක‍්‍රියාත්මක කල මන්තීරු නීතිය යටතේ වැරදි ලෙස රිය ධාවනය කළ රියදුරන්ට මෙලෙස නීතිය ක‍්‍රියාත්මක කළ බවයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
මෙම රියදුරන් සඳහා දඩ පත‍්‍රිකා මෙන්ම සති අන්තයේ පැවැත්වෙන රථ වාහන උපදෙස් පන්ති සඳහා කැඳවීමට ද කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන්. මන්තීරු නීතිය ඉදිරියේදී ද දැඩි ලෙස ක‍්‍රියාත්මක කරන බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

(under the courtesy of nethfm news web)

Related posts

මහජනතාවට ඩෙංගුත් අනී දොස්තරලත් අනී – අද උදේ සිට රට පුරා හදිසි වෛද්‍ය වර්ජනයක්

Shiran Viraj

අද සිට වැසි ඉහලට…

Shiran Viraj

රුපියල් ගෙවා ඉන්දියාවෙන් තෙල් ගන්න සූදානම්..

Shiran Viraj
Translate »