2026-01-22
mediahumanrights.lk
Local NewsNews

ලක්ෂ 21කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 2ක් අල්ලයි

රුපියල් ලක්ෂ 21කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩ ඉගුරුකඩේ මංසන්ධියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදා බුද්ධි තොරතුරක් මත බටහිර නාවික විදානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පෑලියගොඩ පොලීසිය ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
අත්අඩංගුවටගත් සැකකරුවන් සතුව තිබී හෂීස් නමැති මත්කුඩු කිලෝග්‍රෑම් තුනක් සොයාගෙන තිබේ.
සැකකරුවන් යතුරුපැදියකින්  අදාළ මත්ද්‍රව්‍ය  තොගය ප්‍රවාහනය කරමින් තිබු බව නාවික හමුදාව සඳහන් කළේය.
පෑලියගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

තමාගේ ප්‍රකාශ ගැන මහින්ද ලැජ්ජා විය යුතුයි

Shiran Viraj

පොහොට්ටුවෙන් මට නාම යෝජනා දුන්නේ නෑ.. කලවැද්දා මාව කැපුවා..- විජිත්රෝහණ විජේමුණි..

Shiran Viraj

බස්නාහිර ලොක්ඩවුන් කරන්නැයි කියයි..

Shiran Viraj
Translate »