mediahumanrights.lk
Local NewsNewsPolitical

රාජගිරිය ගුවන්පාලම දෙසැම්බරයේදී විවෘතයි

සැලසුම් කළ නියමිත කාලයට පෙර මේ වසරේ දෙසැම්බර් මාසය වනවිට රාජගිරිය මංසන්ධියේ ගුවන්පාලම් දෙකම විවෘත කිරීමට කටයුතු කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
රාජගිරිය ගුවන්පාලම ආශ්‍රිත වැඩබිමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කොටස් දෙකක් ලෙස පාලම් දෙකක් සෑදීමට කටයුතු කර ඇති බැවින් එහි එක් පාලමක වැඩ නිමකිරීමට නියමිතව පැවතියේ 2018 දෙසැම්බර් මාසයේදී බවයි.
එහෙත් මේවන විට එම කොටස් දෙකේම වැඩකටයුතු කාර්යක්ෂමව සිදුවන බවත්, ඒ අනුව 2018දී නිමා කොට ජනතා අයිතියට පත්කිරීමට සැලසුම් කර සිටි පාලමද ඇතුළත්ව මේවසර අවසානයේ ගුවන්පාලම විවෘත කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
ඇතැම් නාලිකාවක් විසින් පාලමේ කටයුතු නිසි ලෙස සිදුනොවන බවත්, පාලමේ කෑලි ගලවාගෙන ගොස් ඇති බවත් සඳහන් කරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවත්, පාලමේ කටයුතු කඩිනමින් සිදුවන බවට තමන් වගකීමෙන් යුතුව පවසා සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම කටයුත්ත සැලසුම්  කළ සම්පූර්ණ කාලයට ප්‍රථමයෙන් නිමා කරන බැවින් කලින් ඇස්තමේන්තු කළ බිලියන 4.5ට වඩා අඩු මුදලකින් නිමා කළ හැකිවෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ප්‍රබල ඉන්දියානු ක්‍රීඩකයන් 5ට නිදහස් කුසලානය අහිමි වෙයි

Shiran Viraj

GMOA රට පුරා වර්ජනයක් කැදවයි..

Shiran Viraj

ආණ්ඩුවේ ප්‍රධානතම ගැටළු ගැන ගෝඨා කියයි

Shiran Viraj
Translate »