“දෙවැනි ඉනිම’ කියන්නේ රවීන්ගේ රංගනයේ පළමුවැනි ඉනිමනේ?
ඔව්. ගායනයට අමතරව මට වෙන පාරකුත් ඇරුණා. ඉතින් මම ඒ ඇරුණු අලුත් පාර දිගෙත් යන ගමන් ඉන්නේ.
ඒ විදියට පටන් ගත්ත රවීන්ගේ පළමු රංගන ඉනිම සාර්ථකයි කියලා හිතනවද?
මට ඉතින් කොච්චර හොඳට කළත් මදි. මම, කරන දේ ගැන සෑහීමකට පත් වෙන කෙනෙක් නෙමෙයි. කරන දේ අත්දැකීම් ලබාගෙන හැකියාව දියුණු කරගෙන තව තවත් හොඳට කරන්නයි මට ඕන.
රවීන්ට නළුවෙක් වෙන්න පුළුවන් වුණේ රූපය නිසාද?
මට වඩා ලස්සන කොල්ලෝ ඉන්නවනේ. මම හිතන්නේ මම මේ වැඩේ හරියට කරයි කියලා පොඩි විශ්වාසයක් හරි තියෙන්න ඇති.
ඇත්තටම ගායකයෙක් වෙලා හිටපු රවීන්ව නළුවෙක් කරන්න කාටද ඕන වුණේ?
ඒකට වගකියන්න ඕන දෙරණ නාළිකාවේ සභාපති ලක්සිරි වික්‍රමගේ මහත්මයා. ඒ වගේම සාරංග මෙන්ඩිස් අයියා සහ සමන් එදිරිමුණි අයියා. එයාලට තමයි මාව නළුවෙක් කරන්න ඕන වුණේ.
හැබැයි ඉතින් රවීන් නළුකමකට හීන දැක්කා කියලත් ආරංචියි?
මෙහෙමයි. අපිට පොඩි කාලේ පුංචි පුංචි ආසාවන් තියෙනවනේ. ඉතින් මටත් පුංචි කාලේ තිබ්බා චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් කරන්න ආසාවක්. ඒක ඉතින් ජොලියට හිතුණ ආසාවක්. හැබැයි රංගනය කියන්නේ මට නුහුරු දෙයක්. මට ටෙලි නාට්‍යයක රංගනයට අවස්ථාව ලැබුණා. අත්දැකීම් ලබාගෙන ඒ ලැබුණු අවස්ථාවට මම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා.
පළමු උත්සාහයට වැඩිපුර ලැබෙන්නේ හොඳ ප්‍රතිචාරද? නරක ප්‍රතිචාරද?
නරක ප්‍රතිචාර නම් ලැබුණේ නැහැ. තාම කටපුරා හොඳයි කියලා වර්ණනා කරන ප්‍රතිචාර තමයි ලැබෙන්නේ. හැබැයි ෙදාස් කියනවට මම කැමැතියි.
ඒ කියන්නේ රවීන් කියන්නේ ෙදාස් අහන්න බලාගෙනම ඉන්න කෙනෙක්ද?
මෙහෙමයි. හොඳ කියන දේ හදවතින් කියන අයත් ඉන්නවා. මූණිච්චාවට කියන අයත් ඉන්නවා. මට සමීපම අය නම් මට අඩුපාඩු වුණත් කියනවා. මම කැමැතියි ඒ විදියට ඇත්ත ප්‍රතිචාරය මට ලැබෙනවට.
දැන් රවීන් දිගටම නළුකමේ පැටලෙයිද?
මම මේ යන විදියට දවස් පහේම නිතර පේන්න ඉන්න චරිතයක් වෙන්න කැමැති නැහැ. මට ඕන කාර්යබහුල නොවී, සල්ලි පස්සේ යන්නේ නැතිව සරලව ඉන්න. කොහොම වුණත් මේක මගේ අන්තිම නාට්‍ය වෙයි. හැබැයි හොඳ චිත්‍රපටයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම කරනවා.
එතකොට මේ ලැබෙන තරු ගුණයට කැමැතිත් නැද්ද?
කලා ක්ෂේත්‍රයේ ඉන්නකොට නිරායාසයෙන්ම මිනිසුන්ගේ ආදරයට පාත්‍ර වෙනවා. හැමෝටම ඒක ලැබෙන්නේ නෑ. ජනප්‍රියත්වය කියන්නේ මම ලබපු වාසනාවක්. තරුවක් වෙන්න කලින් මම මනුස්සයෙක්. ඉතින් ඒ මට තිබ්බ නිදහස මම නැති කරගන්න කැමැති නැහැ. මම තරුවක් කියලා ඉන්නවට වඩා මට සතුටු වෙන්න තව කාරණා තියෙනවා.
ඒ කියන්නේ ජීවිතේ පළමු තැන දෙන දේවල් තියෙනවා කියන එකද?
ඔව්. මම කැමැතියි මගේම ව්‍යාපාරයක් පටන් අරගෙන මම හීන මවපු දේවල් ළඟා කරගෙන සතුටෙන් සැහැල්ලුවෙන් පැත්තකට වෙලා ජීවත් වෙන්න.
දැන් සතුටක් සැහැල්ලුවක් ජීවිතේ නැද්ද?
කලාව එක්ක ජීවත් වෙද්දි කලින් හිටියට වඩා මම සතුටින් ඉන්නේ. නිදහස නම් අඩුයි. හැබැයි මම කොහොම හරි මගේ නිදහස හොයාගන්නවා.
ගායකයා අමතක කරල දැමීමද?
නැහැ නැහැ. රවීන් කියන ගායකයාට පොඩි නිවාඩුවක් දීලා තිබුණේ. ගායකයට යට යන්න දෙන්නේ නෑ. හොඳ රසිකත්වයක් තියෙන අයට මමත් ඉදිරියේදී හොඳ දෙයක් කරනවා. විඳින්න බැරි ගීත කරලා මම ආත්මය විකුණන්න නම් කැමැති නැහැ.
රවීන් දැන් ගැහැනු ළමයින්ගේ හීන කුමාරයා වෙලා නේද?
අනේ එහෙමද? හරි ෂෝක්නේ. මම ඉතින් එළියට බහින්නේ වැඩේට විතරයිනේ. ඉතින් මම හීන කුමාරයා වෙලාද කියලා හරියටම දන්නේ නෑ. හැබැයි නාට්‍යයෙදි මම කෙල්ලෝ දෙන්නෙක් බැලන්ස් කරන නිසා කෙල්ලෝ නම් මට එච්චර කැමැති නෑ වගේ.
සැබෑ ජීවිතයෙදි රවීන් කෙල්ලෝ කීදෙනෙක් බැලන්ස් කරනවද?
සාමාන්‍ය ජීවිතයෙදි නම් මට තාම එක ගෑනු ළමයෙක්වත් බැලන්ස් කරගන්න බෑ.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)
previous post