2026-01-22
mediahumanrights.lk
Local NewsNews

මොරවක කන්ද ගිලගත් සැමියා සහ දරුවන් දෙදෙනා නොමැතිව ගෙවන චාන්දනීගේ කඳුලු කතාව – Video‍

අවුරුදු 7 ක් වූ පුත්‍රයාගේ සිරුර හමුවෙලා…
ස්වාමිපුරුෂයා සහ එක් දරුවෙකු පිළිබඳ තවමත් බලාපොරොත්තුවෙන්…
ගං වතුර සහ නායයෑම් අවදානම්වලට මුහුණදුන් ඇතැම් පවුල්වල සාමාජිකයන් පිළිබඳ තවමත් කිසිදු තොරතුරක් වාර්තාවන්නේ නැහැ.
ඔවුන් යළි පැමිණේ යැයි බලාපොරොත්තුවෙන් පසුවන පිරිස්ද ඒ අතර අනන්ත අප්‍රමාණව සිටිනවා.
නමුත් අමිහිරි සත්‍ය නම් මේ ව්‍යසනයෙන් ඇතැම් පවුල්වල ඉතිරි වූයේ එක් සාමාජිකයෙකු වීමයි.
අපට එවැනි කාන්තාවක් හමුවූයේ මොරවක ප්‍රදේශයෙන්.
පසුගියදා මොරවක කන්ද නායයාම හේතුවෙන් ඇයට ස්වාමි පුරුෂයා මෙන්ම තම දරුවන් දෙදෙනා ද අහිමි වුණා .
කෙසේ වෙතත් චාන්දනී තම ස්වාමිපුරුෂයා සහ එක් දරුවෙකු පිළිබද බලාපොරොත්තු තබා ඇත්තේ ඔවුන් මෙතෙක් හමු නොවීම හේතුවෙන්.
ඇයට වයස අවුරුදු 7 ක් වූ පුත්‍රයාගේ සිරුර පමණක් සොයා ගැනීමට හැකි වුණා.

Related posts

හබරණ මාරක රිය අනතුරක්

Shiran Viraj

සුප්‍රකට Black Panther චිත්‍රපටයේ ප්‍රධාන නළුවා පිළිකාවකින් මියයයි

Shiran Viraj

අන්තර් ජාතික බලපෑම් සමනය කරන්න හැකි වුණා

Shiran Viraj
Translate »