2026-02-10
mediahumanrights.lk
Local NewsNews

මිල අධික මුහුදු මසුන් බෝකිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකරයි

මිල අධික මුහුදු මත්ස්‍ය  විශේෂ තුනක් බෝ කිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිකර තිබේ.
මඩකලපුව ධර්මපුරම් ප්‍රදේශයේ මිලියන 150ක වියදමින් මෙම අභිජනන මධ්‍යස්ථානය ඉදිකර ඇති අතර එය හෙට(28) දිනයේ විවාත කිරීමට නියමිතය.
මූදිල්ලා, කොස්සා, සහ වව්වාලයා යන මත්ස්‍ය විශේෂ මෙම අභිජනන මධයස්ථාන තුළින් බෝ කිරීමට සැලසුම් කර තිබේ.
මෙම අභිජනන මධ්‍යස්ථානය තුළින් වසරකට මත්ස්‍ය පැටවුන් ලක්ෂ 20ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙම මත්ස්‍ය පැටවුන් තෝරාගත් ධීවරයින්ට ලබාදී අපනයනය සඳහා සකස් කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් වාර්ෂිකව රුපියල් මිලියන 1000ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂිතය.
(under the courtesy of adaderana news web)

Related posts

ට්‍රම්ප් කිම් ජොන් අන් හමුවීමට සූදානම්

Shiran Viraj

ප‍්‍රදේශ රැසක ඩෙංගු සහ මී උණ රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක්

Shiran Viraj

ලාල්කාන්ත මහතාගේ “වනචාරියා” ප්‍රකාශයෙන් කිසිවකු නම් කර නැති බව රජය පවසයි

Shiran Viraj
Translate »