mediahumanrights.lk
Local NewsNews

මහජනයා පීවාඩට පත්වෙන තවත් දැවැන්ත වර්ජනයක් සූදානම් වෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.
විදුලිබල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව අද (28) පෙරවරුවේ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වුයේ ඒ අනුවයි.
පසුව ඔවුන් විරෝධතා පා ගමනකින් විහාර මහාදේවි එළිමහන් රංග පීඨය වෙත පැමිණීමටයි සැළසුම් කර තිබුණේ.
ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් සඳහන් කළේ සිය සේවකයින්ගේ ගැටලුවලට විසඳුම් නොදුන් පාලකයන්ට එරෙහිව අඛණ්ඩ වැඩවර්ජනයක් සඳහා යොමු වීමට සූදානමින් සිටින බවයි.
ඒ අනුව අද පැවැත්වෙන ජාතික මහා සමුළුවේදී මෙම යෝජනාව සම්මත කර ගැනීමට නියමිත බවද පැවසුවා.
(under the courtesy of nethfm news web)

Related posts

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදාන කරන ගැසට්ටුව ඉක්මනින්ම එන බව ඇමති අලි සබ්රි කීවා.. මන්නාරමේ භූමියක් සූදානම්..- අබ්දුල් රාසික්

Shiran Viraj

තැපැල් වර්ජනයේ තීරණාත්මක දිනය හෙට

Shiran Viraj

සුව ඇමති හෙට මාලෙ යයි

Shiran Viraj
Translate »