27 C
Colombo
2024-07-07
mediahumanrights.lk
Entertainment Entertainment News News

බයිසිකලේ ගිහින් ඉෂාන් පොඩි අනතුරක…

කොල්ලෝ කෙල්ලනේ ඔයාලටම සින්දුවක්‌ කළා මේ අවුරුද්දේ අහමු….
ඔහු උපන්ගෙයි දක්‌ෂයෙක්‌ නෙවෙයි. උත්සාහයෙන් කැපවීමෙන් අද මේ තැනට ආපු කෙනෙක්‌. පවුලේ කිසිදු කෙනෙක්‌ කලාවේ ඇසුර නොලැබුවත් ඔහු කලාව තෝරගන්නේ මිනිස්‌සුන්ගේ ආදරය ලබන්න තියෙන ආසාව නිසා. සරසවියේදී තම දක්‌ෂතා ප්‍රගුණ කරමින් කලා ක්‌ෂේත්‍රය තුළ දස්‌කම් විස්‌කම් පාන කවුද මේ කඩවසම් තරුණයා. ඒ ඔබ ආදරය කරන ඉෂාන් මෙන්ඩිස්‌. බලමු ඔහු මොකද කරන්නේ කියලා.
ඉතිං ඉෂාන් කොහොමද ?
වරදක්‌ නෑ. පොඩි අනතුරක්‌ වුණා බයික්‌ එකේ යද්දි. දැන් ටිකක්‌ හොඳයි.
මොකද වුණේ එකපාරටම ?
අනතුර වුණේ ගංවතුර ගලපු දවස්‌වල. ඒ පැත්ත නාය ගියපු නිසා කාර් එකෙන් යන්න අමාරු නිසා බයික්‌ එකේ ගියා. ඒ යද්දි තමයි අනතුර වුණේ. එකපාරටම ලිස්‌සල ගියා.
මොකද මේ දවස්‌වල කරන්නේ ?
අසනීපෙන් හිටියට වැඩ ටික නම් අමාරුවෙන් හරි ගිහින් කරනවා. මේ දවස්‌වල හිරු ටී වී නාලිකාවේ විකාශනය වන අලූත්ම ටෙලිනාට්‍යය පත්තිනි. ඒකෙ වැඩකරගෙන යනවා. කතරගම, යාල, තිස්‌සමහාරාමය කියන ප්‍රදේශවල.
මොකක්‌ද ඉෂාන්ගේ චරිතය ?
මම කෝවලන්ගේ යාළුවෙක්‌ විදියට තමයි ඉන්නේ. මදන් කියලා. තව වෙස්‌වලාගත් මහල්ලෙකුගේ චරිතයකුත් කරනවා. යම් යම් තැන්වලදී වෙස්‌වලාගත් චරිත 02 ක්‌ විදියට. මේ චරිත 02 යන්නේ.
තව මොනවද වැඩ … ?
ෂඔභ එකේ සසර සේයා කියල නාට්‍යයක්‌ යනවා සතියේ දින 05 ම රාත්‍රි 08 ට. තව නාට්‍යය 02 ක ෂුටින් කරගෙන යනවා දැනට. තව ඉතින් මගේ රැකියාවෙ වැඩත් කරගෙන ඉන්නවා.
කොහොමද ඉෂාන්ට ලැබෙන ප්‍රතිචාර ?
සසර සේයාවලට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පත්තිනි විකාශනය වුණේ තාම එක සතියයි. ඒකටත් හිතුවෙ නැති විදියට ප්‍රතිචාර තියෙනවා.
ඉෂාන් කියන්නේ මොනවගේ කෙනෙක්‌ද කියල කෙනෙක්‌ ඇහුවොත් ?
ඉතාමත් සරල, සොබාදහමත් එක්‌ක ඉන්න, වැස්‌සට තෙමෙන, අව්වට කුඩ දාන්නේ නැති පොළොවෙ පයගහල ඉන්න ඉතාමත්ම සරල මනුස්‌සයෙක්‌. ඒ වගේම අවශ්‍ය තැනදි අවශ්‍ය විදියට අඳින්න මොඩ්ල් කරන්නත් කැමැති කෙනෙක්‌ කියලා කියන්න පුළුවන්.
රංගනයට දවසක සුදුසුකම් බැලූවොත් මොනවද ඉෂාන්ට තියෙන සුදුසුකම් ?
මම කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්‌ සහ මම උපාධිය හදාරලා තියෙන්නෙ රංගනය සහ ජනසන්නිවේදනය පැත්තෙන්. මම සුදුසුකම් සම්පූර්ණ කරපු රංගන ශිල්පියෙක්‌.
ලංකාවේ දැන් තියෙන කලාව ගැන මොකද හිතන්නේ ?
ඇත්තටම ඒ කාලෙ කලාවට තිබුණ තැන අද ලංකාවෙ නැහැ. ඒක නැතිවෙන්නේa කොහොමද කියන්න මට කියන්න අමාරුයි. එදා කලාවේ ප්‍රමිතිය අද නැති වුණාට කලාව ජනතාව අතර ප්‍රමෝට්‌ වෙලා තියෙනවා. ජනතාවට ඒක අද නැතුවම බැරි දෙයක්‌ වෙලා තියෙනවා. ඒත් කලාකාරයාට, නිර්මාණකාරයාට, තියෙන වටිනාකම මෙන්ම නිර්මාණවල ගුණාත්මකභාවයත් අඩුවෙලා තියෙනවා.
එතකොට ඉෂාන් කියන්නේ වත්මන් ටෙලිනාට්‍යවල ගුණාත්මක බව අඩුයි කියලද ?
මෙහෙමයි, නිෂ්පාදකවරු හැමෝම නෙවෙයි පිරිසක්‌ ඉන්නවා සල්ලි නැති නිසා තමයි නාට්‍යය නිෂ්පාදනය කරන්නේ. එයාල නාට්‍යය කරන්නේ සල්ලි හම්බකරන්න. ඒ නිසා නාට්‍යයේ ගුණාත්මකබව ගැන හිතන පිරිස අඩුයි. හැමෝම එහෙම කියල කියනවා නෙවෙයි. ඒකයි ප්‍රධාන හේතුව මම දකින විදියට.
ඒ කියන්නේ ඉෂාන් ක්‌ෂේත්‍රය ගැන කලකිරීමෙන්ද ඉන්නේ ?
ඒක කලකිරීමක්‌ නෙවෙයි. සියලූ කලාකරුවන් කැපවීමෙන් කලා කටයුතු කරගෙන යනවා. ඒත් අද රැල්ලක්‌ තියෙනවා නිෂ්පාදකවරුන් කලාකරුවන්ට මුදල් නොගෙවන. ඔවුන්ට වටිනාකමක්‌ නොදෙන. ඒ පොඩි ප්‍රශ්නෙත් එක්‌ක පොඩි කලකිරීමක්‌ තියෙනවා.
සිනමාවට නොඑන්න හේතුව ඒකද ?
ඒ කාලේ ඉඳන්ම සිනමාවට ලොකු කැමැත්තක්‌ තිබුණේ නැහැ. ටෙලිනාට්‍යය තුළින් ගොඩක්‌ ප්‍රේක්‌ෂකයන් අතරට යන්න පුළුවන් නිසා රූපවාහිනියට ඉඩදීල තියෙනවා දැනට.
සිනමාවට ආරාධනා ලැබුණේම නැද්ද ?
ආරාධනා ඕන තරම් ලැබිල තියෙනවා. ඒත් මට නොගැළපෙන සහ මගේ රැකියාව, භාරගත්ත නිර්මාණ එක්‌ක වෙලාව වෙන්කරගන්න අමාරු නිසා ඒ සියල්ල මම ප්‍රතික්‌ෂේප කළා.
රියලිටි වැඩසටහන්වලට සහභාගි වෙන්නේ නැත්තේ මොකද ?
හිරු මෙගා ස්‌ටාර්ස්‌ එකටත් ආරාධනා ලැබුණා. ඒත් මගේ රැකියාව සහ අනෙක්‌ වැඩත් එක්‌ක ඒකටම කොටුවෙන්න අමාරුයි. ඒ නිසා භාරගත්තේ නැහැ.
ගීතයක්‌ කළා කියන්නේ ඇත්තද ?
වැඩිදෙනාගේ ඉල්ලීම මත මම මගේම සිංදුවක්‌ කළා තරුණ තරුණියන් වෙනුවෙන්. ඒක වෙනස්‌ම ආකාරයේ සිංදුවක්‌. මේ අවුරුද්ද ඇතුළත ඒ ගීතය රස විඳින්නට මට ආදරය කරන ප්‍රේක්‌ෂකයන්ට අවස්‌ථාව ලබාදෙනවා. ඒක තමයි දැනට තියෙන ලොකුම බලාපොරොත්තුව.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

Related posts

කොටස් වෙළඳපොළ ඉහළට

Shiran Viraj

ප්‍රධාන අමාත්‍යධූරයෙන් ඉවත්වෙන්න මම සූදානම්!

Shiran Viraj

ඩොලර් නැතිව එක මොහොතක්වක් ඉදිරියට යන්න බෑ… වරද යහපාලනයේ…

Shiran Viraj