mediahumanrights.lk
Local NewsNews

නාවික හමුදාව ත්‍රස්තවාදීන්ගේ පවා මානව හිමිකම් රැක්ක හැටි

රට රැකගත් රණවිරුවන් මෙන්ම ඔවුන් රැකගත් රට ද ඉදිරියේදී අහිමි වීමේ අවදානමක් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.
වර්තමාන රජයේ ක‍්‍රියා කලාපය ඊට හේතුවනු ඇති බවයි ඔහු කියා සිටියේ.
ශ‍්‍රී ලංකා ත‍්‍රිවිධ හමුදාව යනු ත‍්‍රස්තවාදීන්ගේ පවා මානව හිමිකම් ආරක්ෂා කළ කොටසක් බව ඔහු සඳහන් කළා. ඒ අනුව ඔහු පෙන්වා දුන්නේ ත්‍රස්තවාදී යාත්‍රා විනාශ කිරීමෙන් පසු මුහුදේ ගිලෙමින් සිටි ත්‍රස්තවාදීන් පවා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් බේරා ගෙන ආහාර සහ ප්‍රතිකාර ලබා දී නීතිය ඉදිරියට ගෙන ගිය බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙම අදහස් පළ කළේ ‘‘ වියත් මඟ’’ නමින් ඉතාලියේ ජීවත් වන ශ‍්‍රී ලාංකික පිරිසක් විසින් සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණයකට එක්වෙමින්.
(under the courtesy of nethfm news web)

Related posts

අමෙරිකානු දේශපාලනයේ සාමකාමී බල හුවමාරුව

Shiran Viraj

දිවයින පුරා රෝහල්වල හෙද – හෙදියන් 3000කගේ හිඟයක්

Shiran Viraj

සජිත්ගේ විරෝධතාවට පොලිසියෙන් ජල හා කදුළු ගෑස් ප‍්‍රහාර..

Shiran Viraj
Translate »