2026-01-17
mediahumanrights.lk
Local NewsNews

නාවික හමුදාව ත්‍රස්තවාදීන්ගේ පවා මානව හිමිකම් රැක්ක හැටි

රට රැකගත් රණවිරුවන් මෙන්ම ඔවුන් රැකගත් රට ද ඉදිරියේදී අහිමි වීමේ අවදානමක් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.
වර්තමාන රජයේ ක‍්‍රියා කලාපය ඊට හේතුවනු ඇති බවයි ඔහු කියා සිටියේ.
ශ‍්‍රී ලංකා ත‍්‍රිවිධ හමුදාව යනු ත‍්‍රස්තවාදීන්ගේ පවා මානව හිමිකම් ආරක්ෂා කළ කොටසක් බව ඔහු සඳහන් කළා. ඒ අනුව ඔහු පෙන්වා දුන්නේ ත්‍රස්තවාදී යාත්‍රා විනාශ කිරීමෙන් පසු මුහුදේ ගිලෙමින් සිටි ත්‍රස්තවාදීන් පවා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් බේරා ගෙන ආහාර සහ ප්‍රතිකාර ලබා දී නීතිය ඉදිරියට ගෙන ගිය බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙම අදහස් පළ කළේ ‘‘ වියත් මඟ’’ නමින් ඉතාලියේ ජීවත් වන ශ‍්‍රී ලාංකික පිරිසක් විසින් සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණයකට එක්වෙමින්.
(under the courtesy of nethfm news web)

Related posts

ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට ශ්‍රී ලංකාවේ Minstry of Crab හා Nihonbashi එක්වෙයි

Shiran Viraj

එළවළු සැපයුම 90%කින් අඩුවේ.. මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. එළවළු නැත්තටම නැතිවෙයිලු..

Shiran Viraj

අගමැතිට ගෞරව සම්මාන ආචාර්ය උපාධියක්

Shiran Viraj
Translate »