mediahumanrights.lk
Local NewsNews

තැපැල් වර්ජනය ඇරඹෙයි – නියෝජ්‍ය ඇමතිගේ සහයත් වර්ජකයින්ට

පෞරාණික තැපැල් කාර්යාල කිහිපයක් සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා ලබාදීමේ සූදානමට එරෙහිව තැපැල් සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කළා.
මේ අතර සියලූ තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමේ චක්‍රලේඛයක් ඊයේ පස්වරුවේ නිකුත් කෙරුණා.
එහෙත් ඒ හරහා සිය වෘත්තිය අරගලය අඩපණ කළ නොහැකි බවයි චින්තක බණ්ඩාර සඳහන් කළේ.
කෙසේ වෙතත් නිවාඩු අවලංගු කිරීමේ චක්‍රලේඛය උල්ලංඝණය කරමින් කටයුතු කරන සේවකයින් සම්බන්ධයෙන් කළමණාකාරීත්වය දැඩි තීරණයක් ගන්නා බවයි තැපැල්පති රෝහණ අබේරත්න සඳහන් කළේ.
මෙම වැඩවර්ජනය හරහා අත්‍යවශ්‍ය රාජකාරී ඉටු කිරීම බිඳ වැටිය හැකි බැවින් මහජන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම චක්‍රලේඛය නිකුත් කළ බවද ඔහු සඳහන් කළා.
රාජ්‍ය සම්පත් විකුණා දැමීමේ උත්සහයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු ලෙස තමන්ද විරුද්ධ බව තැපැල් නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විෙජ්සේකර පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය විදේශ සංචාරය නොතිබුණේ ද තමන් ද තැපැල් වෘත්තීය සමිති සාමාජිකයින් සමඟ වැඩ වර්ජනයට එක්වන බවයි.
වත්මන් ආණ්ඩුව ගමන් කරන මාර්ගයෙහි යම් වෙනසක් කඩිනමින් සිදු විය යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
(under the courtesy of nethfm news web)

Related posts

මන්ත‍්‍රීවරයෙක් ඇමති ලේකම්වරයෙකුට පොලිසිය තුලදී ගුටි දෙයි..

Shiran Viraj

ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම නතර කළ යුතුයි

Shiran Viraj

නියෝජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය කරනවා – චන්ද්‍රසේකරන්

Shiran Viraj
Translate »