2026-01-22
mediahumanrights.lk
Local NewsNews

තාරකා ඉබ්බන් 2089 ක් සමඟ 2ක් මාට්ටු

ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබු තාරකා ඉබ්බන් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් කල්පිටිය ඉප්පන්තිව් සහ අරිච්චාල් අතර මුහුදු ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.
ඩිංගි යාත්‍රාවක් මඟින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබු ජීවි තාරකා ඉබ්බන් 2089ක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදා භාරයට ගැණුනු තාරකා ඉබ්බන්, ඩිංගි යාත්‍රා ඇතුළු ආම්පන්න සහ සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා සින්නපාඩු රේගු නිලධාරී කාර්යාලය වෙත භාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

කොළඹට ඇතුළු වන යතුරුපැදි හා ත‍්‍රීරෝද රථ වමෙන් යයි

Shiran Viraj

ශ‍්‍රී පාදයේ අධික තදබදයක්.. විනාඩි ගණනක් එකම තැන.. කිලෝමීටර ගණන් වාහන පෝලිම්..

Shiran Viraj

රවි කරුණානානායක පොහොට්ටු සාමාජිකත්වය ගත්තොත් කලබල වෙන්න එපා..- පොහොට්ටුවෙන් කියයි..

Shiran Viraj
Translate »