mediahumanrights.lk
Local NewsNewsPolitical

ගීතාගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් පාර්ලිමේන්තු අසුනක් දැරීමට නුසුදුසු බවට ලබා දී ඇති නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙනවා.
ඒ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ තීරණයකට අනූවයි. ඊට හේතු වී තිබුණේ මෙම පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලෙසට වග උත්තරකාර පාර්ශවය කර තිබූ ඉල්ලීමක්.
ඒ අනූව අදාල පෙත්සම අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලනු ඇති.
මේ අතර රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40ක් අවභාවිත කර රජයට රුපියල් මිලියන 91කට අධික පාඩුවක් සිදු කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහි නඩුව ද අද කැඳවනු ලැබුවා.
එහි දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ ඒ සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි.
ඒ අනූව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගෙන අධිකරණය දැනුවත් කරන ලෙසටයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ. නඩුව ඔක්තෝම්බර් 23 යළි කැඳවීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට

Shiran Viraj

ඇප නැතිව ණය දෙන බැංකුවක්..

Shiran Viraj

නව පොලිස්පති හා අගමැති අතර හමුවක්

Shiran Viraj
Translate »